බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නියෝජ්‍ය කථානායකට සද්දේ දාන්න ගිය සජිත් සල්ලං වෙයි…

by editor
පෙබරවාරි 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

27/2 යටතේ සජිත් ප්‍රේමදාස විසින් සිය ප්‍රශ්නය විමසීමට පෙර කාලයක් මිඩංගු කරමින් අගමැතිවරියගෙන් ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ පිළිබඳව රජයේ මැදිහත් වීම සම්බන්ධව විමසමින් සිටියේය. ඔහුට යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කිරීමට ගත හැකි වැඩපිළිවෙළ කුමක්දැයි විමසමින් සිටිය දී නියෝජ්‍ය කථානායක රිස්වි ෂරීෆ් විපක්ෂ නායකවරයා විසින් කාලය අවභාවිතා කරන ආකාරය දැන්වීමට උත්සාහ කරත්ම ඔහු එක් වරම උස් හඬින් කීවේ මැද්දට නොපැන ඉන්න ලෙසය.

” මැද්දට පනින්න එපා… කියනකම් ඉන්න” ඔහු මහ හඬින් කීවේය.

වහාම නැගී සිටි සභානායකවරයා පැවසුවේ විපක්ෂ නායකවරයා වහාම මේ ප්‍රකාශය ඉල්ලා අස්කරගත යුතු බවය. ඊයෙ දිනයේ රාමනාදන් අර්චුනා විසින් කථානායකවරයාට විලි ලජ්ජා නැති පුද්ගලයෙක් බව ප්‍රකාශ කළ බවත් අද විපක්ෂ නායකවරයාම නියෝජ්‍ය කතනායකවරයා නිවැරදි කිරීමට උත්සාහ කරද්දී මැද්දට නොපනින ලෙසට අණ කළ බවත් විපක්ෂ නායකවරයාගේ මෙම ප්‍රකාශය බරපතල ලෙස ගන්නා බවත් දැඩිව කීවේය.

“ඔය සද්ද පක්ෂ ඇතුළෙ දාගන්න… මෙතන ඕව කරන්න එන්න එපා…” සභානායක බිමල් රත්නායක විපක්ෂ නායකවරයාට පැවසුවේය.

මේ සමගම විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් විවාදයක් ඇති විනි. මේ අවස්ථාවේ දී දැඩි ලෙස සිය ස්ථාවරය ප්‍රකාශ කළ නියෝජ්‍ය කතානායකවරයා තමන් මේ සභාවේ මුලසුන දරන පුද්ගලයා බවත් තමන්ට සියලු දෙනා අවනත විය යුතු බවත් අවධාරණය කළේය. එමෙන්ම සියලුම සභකියන් මෙම සභාවේ ගෞරවය ආරක්ෂා කළ යුතු බව කී නියෝජ්‍ය කතානායකවරයා විපක්ෂ නායකවරයා අමතා මෙසේ පැවසුවේ.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

” ගරු විපක්ෂ නායකතුමා. මම ඔබතුමාට බෙහෙවින්ම ගරු කරනවා. එහෙත් ඔබේ මේ ප්‍රකාශයෙන් මම කම්පනයට පත් වුනා. ඔබ ගරු කළ යුත්තේ මට නොවෙයි. මේ ධූරයට. කරුණාකරලා එම ප්‍රකාශය ඉල්ලා අස් කරගන්න…”

නියෝජ්‍ය කථානායකවරයා දැඩිව සිය ස්ථාවරයේ සිටියේය. ඒ අවස්ථාවේ දී විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේය.

“ගරු කතානායක තුමනි. මැදට පනින්න එපා කියලා කිව්වේ බාධා කරන්න එපා කියන ඉල්ලීමක්. ඉන්සලට් කරනවා කියලා ඔබතුමා හිතනවා නම් මම ඒක විඩ්‍රෝ කරගන්නවා. මට මහන්තතත්කමක් නෑ. අඩුපාඩුවක් වුනා නම් ඒක නිවැරදි කරගන්න සූදානම්.”

සජිත් ප්‍රේමදාස කියන විට කථානායකවරයා පැවසුවේ එම ප්‍රකාශයට ගෞරව කරන බවත් තමන් විසින් ආරක්ෂා කරන්නට උත්සාහ කළේ මූලාසනයේ ගෞරවය බවත්ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දීය ධීවර කොල්ලකරුවන් 19 දෙනෙකුට පනස් දහස බැගින් දඩ… බෝට්ටු කරුවන් 03කට ලක්ෂ 60ක දඩයක්… කිළිනොච්චි මහේස්ත්‍රාත්වරයා නියෝග කරයි…

Next Post

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඩයනාට අදම වරෙන්තු නිකුත් කර අදම වරෙන්තුව යළි කැඳවයි!

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.