නියෝජ්‍ය කතානායක තේරීම හෙට…

Parliment

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටියගේ  ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති බව කතා නායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මේ අනුව නියෝජ්‍ය කතා නායක වරයෙක් පත් කරගැනීම හෙට සිදුකරගැනීමට නියමිතය.

ඒ සඳහා මේ වනවිට  ඉමිතියාස් බාකීර් මාකර් ගේ නම සමගි ජන බලවේගයෙන් ඉදිරිපත්  වී ඇති අතර අද දහවල් වනතෙක් වෙනත් නමක් ඉදිරිපත් වී නොතිබිණි.

කෙසේ නමුත් බාකීර් මාකර්ට අමතරව  පොදුජන පෙරමුණෙන්  ඩාලාන් පෙරේරාගේ නම ඉදිරිපත් කිරීමට නියමිතය ඇතැයි වාර්තා වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නම් දෙකක් හෝ ඊට වැඩි ගණනක් තිබුණහොත් ඡන්ද විමසීමක් සඳහා යෑමට සිදුවන බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

Exit mobile version