දේශපාලන පක්ෂ රැසක පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් 35ක් එක් වී නිදහස් ජනතා සන්ධානය නමින් නව සන්ධානයක් අද (11) එළිදැක්වූහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී එළි දැක්වූ මෙම සන්ධානයේ ලකුණ හෙළිකොප්ටරය ය.
විපක්ෂය නියෝජනය කරන මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඩලස් අලහප්පේරුමගේ නායකත්වයෙන් යුතු නිදහස ජනතා සභාව, විමල් වීරවංශයේ නායකත්වයෙන් යුතු උත්තර ලංකා සභාගය ඇතුළු දේශපාලන පක්ෂ හා කන්ඩායම් 10ක් මෙම සන්ධානයට එක්වි සටිති.
මෙම නව සන්ධානයේ මැතිවරණ ලකුණ හෙළිකොප්ටරය ය.







