නැවට පරිසර යුක්ති කේන්ද්‍රයෙනුත් නඩු !

xpress pearl

ගිනි ගැනීමෙන් පසු කොළඹ වරාය ආසන්න මුහුදේ දී මුහුදු බත් වන එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් මෙරට පරිසරයට සහ ජන ජීවිතයට ඇති වූ බලපෑම සම්බන්ධයෙන් තමන් අධිකරණ පියවර ගන්නා බව පාරිසරික යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පවසයි.

කොළඹ වරාය ට ඔබ්බෙන් නැංගුරම් ලා තිබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශව ක්‍රියා කළ ආකාරයේ විශාල ගැටලු ගණනාවක් පවතින බවත් එයින් රට සමුද්‍ර පරිසරයට සහ ජනජීවිතයට අති දැවන්ත හානියක් මේ වනවිටත් සිදු කොට ඇති බවත් හේමන්ත විතානගේ මහතා පැවසීය.

මෙම හානිය වළක්වා ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියා පිළිවෙත මෙන්ම රටක් ලෙස අපට මෙවැනි අනතුරක් වළක්වා ගැනීමේ ක්‍රමවේදයක් නොමැතිවීම යන කරුණු දෙක මත අදාළ අධිකරණ ක්‍රියාමාර්ගය ගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කළ විතානගේ මහතා මෙම නෞකාවෙන් මෙපමණ විනාශයක් වෙන්නට කලින් අනුගමනය කළ යුතුව තිබූ පියවර සියල්ල නිසි ලෙස අනුගමනය කළාද යන ප්‍රශ්නයක් මතුව ඇති බවද සඳහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම නැවේ ගෙනා නයිට්‍රික් අම්ලය සහ ප්ලාස්ටික් පිළිබ ඳවකතා බහට ලක් වුවද එහි තිබු බහලුම් අතර පාරිසරික වශයෙන් හානි කළ හැකි ද්‍රව්‍ය රැසක් එහි පවතින බව හෙළි වී ඇතැයි පැවසූ හේමන්ත විතානගේ මහතා මෙහි යූරියා විශාල තොගයක්, ඊයම් තවත් රසායන ද්‍රව්‍ය ඇතුළු විශාල අහිතකර ද්‍රව්‍ය තොගයක් බහලුම් තුළ පැවති බවට අනාවරණය වී ඇති සඳහන් කළේය. ඉදිරි අධිකරණ පියවරේදී මේ සියලු කරුණු සලකා බලමින් අදාළ පියවර ගනනා බව හෙතෙම තවදුරටත් සඳහන් කළේය

Exit mobile version