නැව් ගින්නෙන් දැනට ඇති ලොකුම තර්ජනය පාවන ප්ලාස්ටික්

ගින්නට හසු වූ X-press pearl නැවෙන් දැනට සිදුකළ මූලික නිරීක්ෂණ මගින් පෙනීගොස් ඇත්තේ  ඇති වූ බරපතළම තර්ජනය ප්ලාස්ටික් බව නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය පාලිත කිත්සිරි මහතා පවසයි.

තම ආයතනයේ විශේෂඥයන් කණ්ඩායමක් ඊයේ සිට මුහුද නිරීක්ෂණ කටයුතුවල නියැලී තිබේ.

එහිදී දැනට හඳුනාගෙන තිබෙන බරපතළම තර්ජනය වී ඇත්තේ ප්ලාස්ටික් නිෂ්පාදන සඳහා ගැනෙන අමුද්‍රව්‍යයක් වන කුඩා ප්ලාස්ටික් කැට ය.


මුහුදු මතුපිට සහ වෙරළේ විශාල වශයෙන් එක් රැස් වී තිබේ.

මේවා නොදිරන ද්‍රව්‍ය බැවින් සමුද්‍ර පරිසරයට සහ මත්ස්‍යයන්ට අහිතකර බලපෑමක් ඇතිවිය හැකිය.

එබැවින් ඒවා භෞතික ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව හෙතෙම අවධාරණය කරයි.

මේ වන විටත් නාවික හමුදාව යම් ප්‍රමාණයකින් මේවා ඉවත් කිරීමට කටයුතු කර ඇත.

වෙරළ තීරයේත් මුහුදේත් මෙම කුඩා ප්ලාස්ටික් කැට විශාල වශයෙන් දක්නට ලැබේ.

නෞකාවේ ගබඩා කර තිබූ කන්ටේනර්වල මේවා කොපමණ තොගයක් ගබඩා කර තිබේ ඇද්ද යන්න වාර්තාවක් අද ලබා ගැනීමට නියමිතය.

නැවි ගින්න මේ වනවට නිවී ඇති නිසා නෙවෙයි තෙල් කාන්දු වීම වැනි අනතුරක සලකුණු දැන් අඩු වී තිබේ.

නයිට්‍රික් අම්ලය බොහෝ විට ජලයේ දිය වී වෙනත් සංයෝග බවට පරිවර්තනය වන නිසා එයින් මුහුදු පරිසරයට විය හැකි බලපෑම අවම මට්ටමක පවතින බව මේ වන විට පෙනී ගොස් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්ලාස්ටික් ඊට වඩා බෙහෙවින් දිගුකාලීන අර්බුදයක් බවට පත්ව ඇතැයි හෙතෙම කීය.

Exit mobile version