නැනෝ නයිට්‍රිජන් ගෙන්නුවෙ රාජ්‍ය අමාත්‍යංශයෙන්… මිල වැඩි නිසා මම මැදිහත් වී මිල අඩු කරගත්තා… මහින්දානන්ද.

මේ දවස්වල එළවළු මිල වැඩි වුණේ වැස්ස නිසා... නුවරඑළියට හොඳටම වැස්ස...

කෘෂිකර්මය පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශය විසින් ඉන්දියාවෙන් නැනෝ පොහොර ගෙන්වීම සඳහා අදාළ ටෙන්ඩර කැඳවීම සිදු කළ අතර මෙම පොහොර ආනයනය කර ඇත්තේ ඉහළ මිලකට බවට තමන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසුව පැවති සාකච්ඡාවකදී එම පොහොරවල මිල ඩොලර් 2.5කින් පහළ දැමීමට අදාළ ආනයනකරුවා එකඟතාව පළ කළ බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද පාර්ලිමෙන්තුවේදී පැවසීය.

මෙම මිල අඩු කිරීම හේතුවෙන් රටට ඇමරිකානු ඩොලර් මිලියන 5.2ක විදේශ විනිමයත් ඉතිරි කර ගැනීමටත් ඒ අනුව රුපියල් බිලියන 1.7ක් ඉතිකිර කර ගැනීමටත හැකියාව ලැබුණු බව අමාතයවරයා තවදුරටත් පැවසීය.

අද පස්වරුවේ අයවැය විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා


“  වස විසක් නැති කාබනික ගොවිතැන සඳහාවන අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය තුළ මමත් රාජ්‍ය ඇමතිවරයාත් දෙදෙනාම හිට ගන්නවා. අපි එම ප්‍රතිපත්තිය තුළ ඉඳලයි වැඩ කරන්නේ.  අපි චීනයෙන් නයිට්‍රජන් පොහොර ආනයනය කිරීම අත්හිටුවීටත් මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ගෙන්වීමටත් පියවර ගත්තා. එ අනුව පොහොර ලේකම් කාර්යාලයට ලැබී තිබූ යෝජනා අතරින් හොඳම එක තමයි නැනෝ නයිට්‍රජන්.  මේ පාහොර රාජ්‍ය අමාත්‍යංශය යටතේ ටෙන්ඩර් කැඳවලා  ඇගයීම් කමිටුවට දාලා කැබිනට් මණ්ඩලයට දැම්මා. අපිට දැන ගන්න ලැබුණා ආනයනය කරන පොහාර මිල අධිකයි කියල. ඒ බව දැනගත්තේ  බැංකුවෙන් ලද  ලිපියක් අනුව. මම මේ ගැන ජනාධිපතිවරයා දැනුවත් කළා.

ඊට පසුව ජනාධිපති ලේකම් කාර්යාලයේ වෙනම රැස්වීමක් කැඳවලා  අනයනකරුවාට කිව්වා මේ පොහොර මිල  වඩා ඉහළයි අඩු කළේ නැතිනම් වෙන තැනකින් ආනයනය කරනවා කියල. ඊට පස්සේ ඩොලර් 2.5ක් අඩු කළා. මේ නිසා අපට ඩොලර් මිලියන 5.2ක් එනම්  බිලියන  1.7ක් මේ ආනයනකරුවාගෙන් ඉතිරි කර ගන්න පුළුවන් වුණා.

මේ සමඟ චීන පොහොර ගැනත් කියනන් ඕන. මේකට  සල්ලි ගෙවන්න වෙනවා. මේක ගෙවන්න බැඳිල ඉන්නවා. මේක ප්‍රමිතිය නැති නිසා අපි ප්‍රතික්ෂේප කළා.   අප සමාගමට දන්වලා තිබෙනවා නීත්‍යනුකූ බලපත්‍රයක් අරගෙන නීත්‍යනුකූල   නැවත පොහොර ගෙන්වා ගන්න.

අපට අවශ්‍ය යැපුම් සඳහා  ආනයනය කරන කිරි ටික මේ රටේ නිෂ්පාදනය කරන්න, අල ලූනු නිෂපාදන්ය කරන්න 2024 වෙනවිට මේ සියල්ල නිෂ්පාදනය කිරීමට අපි කටයුතු කරනවා.  ආනයනයෙදී වැඩිම වියදම් යන  අල ලූනු මිරිස් මේ රට තුළ නිෂ්පාදනය කිරීමට, බිජ නිෂ්පාදනය කිරීමට වැඩ පිළිවෙළ කරනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ දිනවල එළවලු මිල ඉතා ඉහළ ලෙස වැඩිවුණේ විශේෂයෙන්ම වැස්ස නිසා.   නුවරඑළියේ පසුගිය දින 22න්  20ක් ම වැහැලා. මේ ත්තවය මිල වැඩි වීමට අහිතකර ලෙස බලපෑවා.

Exit mobile version