නාවික හමුදාව උස්වැටකෙයියාව සිට කැපුන්ගොඩ දක්වා වෙරළ තීරය මුළුමනින් පිරිසිදු කරයි…

MV X-PRESS PEARL නෞකාවේ ගින්න හේතු‍වෙන් බලපෑමට ලක්වූ වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා නාවික හමුදාව අනෙකුත් පාර්ශ්වයන් හා එක්ව 2021 මැයි මස 26 වන දින ආරම්භ කළ වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම තවදුරටත් අඛණ්ඩව සිදුකරමින් පවතින බවත් මේ වනවිට බලපෑමට ලක්වූ වෙරළ තීරයන් මුළුමනින්ම පාහේ පරිසිදු කර ඇති බවත් නාවික හමුදාව නිවේදනය කරයි.

උස්වැටකෙයියාව වෙරළ තීරය

නෞකාවේ ගින්නෙන් බලපෑමට ලක්වූ උස්වැටකෙයියාව සිට කැපුන්ගොඩ දක්වා කිලෝමීටර 09ක වෙරළ තීරයෙහි විශාල වශයෙන් දූෂණයට ලක්වූ උස්වැටකෙයියාව, ඇලෙන්එගොඩ, සරක්කුව සහ කැපුන්ගොඩ යන වෙරළ ප්‍රදේශයන්හි නාවික හමුදාව සිදුකළ වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම මඟින් ඉවත් කරන ලද අපද්‍රව්‍ය ටොන් 1500 කට අධික ප්‍රමාණයක් මේ වන විට (2021 ජුනි 17) සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය වෙත භාරදී ඇතැයි නාවික හමුදාව කියයි.

සරක්කුව සහ කැපුන්ගොඩ අතර අධික ලෙස දූෂණයට ලක්ව තිබූ වෙරළ තීරය 2021 මැයි මස 27 වන දින පැවති තත්ත්වය සහ 2021 ජුනි මස 16 වන දින වන විට පවතින තත්වය විදහා දැක්වෙන ඡායාරූප පෙළක් නාවික හමුදා වෙබ් අඩවිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කැපුන්ගොඩ වෙරළ තීරය

Exit mobile version