නාමල් සර් එවූ බෙලිඅත්ත කසිප්පූ ඕයිසීගේ උදහසට ලක්වූ කසිප්පු වැටලූ සැරයන්ට වහාම ක්‍රියාත්මකවන පරිදි  මොණරාගලට මාරුවක්!

කසිප්පු ඇල්ලීමේ වරදට බෙලිඅත්ත ඕ.අයි.සී ගේ උදහසට ලක්වූ පොලිස් සැරයන්වරයා වහාම ක්‍රියාත්මකවන පරිදි  තංගල්ල කොට්ඨාසයේ සිට මොණරාගල කොට්ඨාසය වෙත වහාම ක්‍රියාත්මකවන පරිදි මාරු කර තිබේ.

කසිප්පු ඇල්ලීමේ වරදට තමන්ගේත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේත් අගමැතිවරයාගෙත් සම්බන්ධතා කියමින් බැණ වදින බෙලිඅත්ත ඕඅයිසී ගේ අශික්ෂිත හඬපටය සමාජ මාධ්‍යය තුළ සංසරණය වීමත් සමග ඉහළ දේශපාලන මැදිහත්වීමකින් මෙම ස්ථාන මාරුව ලබා දී ඇත.

මේ හඬපටයේ  බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයා  පවසන්නේ තමන් නාමල් සර්ගේ සහ අගමැතිවරයාගේ කැමැත්තට පැමිණි බවය.

කිසිම ආකාරයකට බෙලිඅත්තේ හොර අක්කු ඇල්ලීම තහනම් බවය. බෙලිඅත්තේ විදිහට බෙලිඅත්තේ සිටිය නොහැකි නම් කළ යුතු දේ දන්නා බවය.


රට වටේ යන්න කැමති දැයි ඔහු මේ සැරයන්වරයාගෙන් විමසයි. තමන්ට කිසිවෙකුට කිසිම දෙයක් කළ නොහැකි බව පවසන බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයා කියන්නේ තමන් බෙලිඅත්තෙන් යන්නේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් වශයෙන් බවය.

කෙසේ වෙතත් මේ හඬපටය ගැන තංගල්ල පොලිස් අධිකාරීවරයා හරහා පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධව විමර්ශනයක් පවත්වන බව කියැවිනි.

ඊට පෙර කසිප්පු ඇල්ලූ පොලිස් සැරයන්වරයා මොණරාගලට ස්ථාන මාරු කර යවා ඇත. පොලිස්පති වෙනුවට මානව සම්පත් කළමනාකරණ සහ ජාත්‍යාන්තර සබඳතා දිසාවේ නියෝජ්‍ය පොලිස්පති  එම්.එන්. සිසිර කුමාර වහාම ක්‍රියාත්මකවන පරිදි එවූ මෙම ස්ථානමාරුවට අත්සන් කර ඇත

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ඒ හඬපටයයි…

Exit mobile version