නාමල්ගේ මංගල සාදයේ ලක්ෂ 26ක විදුලි බිල මෙතෙක් ගෙවා නෑ – CEB

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් විදුලිබල මණ්ඩලය විසින් ලබාදී තිබූ විදුලි සැපයුමට අදාල හිග මුදල මෙතෙක් ගෙවා නැතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් පෙරේදා (02) විදුලිබල මණ්ඩලය මේ බව සඳහන් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ 2019,09.12 දින සිට 2019,09.15 දින දක්වා වීරකැටිය නිවසේ පැවති උත්සවයකට සහභාගි වන බව දන්වා ආරක්ෂක පහන් සවි කරන මෙන් ඉල්ලා ඇත. ඒ අනුව තාවකාලික විදුලිය සපයා ආරක්ෂක පහන් සවිකර විදුලිය ලබාදී නැවත එම උපකරණ ගලවා ඉවත් කර ඇති අතර, ආරක්ෂක පහන් සවිකිරීම සහ ජනක යන්ත්‍ර සැපයීම වෙනුවෙන් රු. 26,82,246.57 ක වියදමක් දැරීමට සිදුව ඇති බවත් එම වියදම් ඇස්තමේන්තු මුදල ගෙවීම් කරන ලෙස දන්වා ඇතත්, මෙතෙක් එම මුදල ගෙවීම් කර නොමැති බවත්ලි පියේ සඳහන් වෙයි.

 

Exit mobile version