නව ක්‍රීඩක ගිවිසුම් සම්බන්ධයෙන් සාර්ථක ලෙස එකඟතාවයන්ට පැමිණීමට නොහැකිවීම පිළිබඳ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට සහ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර තිබේ.
මීට සුළු වේලාවකට පෙර ට්විටර් පණිවිඩයක් මගින් ඔහු සඳහන් කර ඇත්තේ තරගකාරී ගෙවීම් ක්‍රමයක් මගින් අපගේ ක්‍රීඩකයන් උද්දීපනය කළ යුතුව ද එය රට නියෝජනය කිරීමේ දී තීරණාත්මක සාධකයක් නොවිය යුතු බවයි.
ක්‍රීඩකයන් හැමවිටම සෑම දේකටම පෙර රට පිළිබඳ සිතිය යුතු බව ක්‍රීඩා අමාත්‍යවරයා තම ට්විටර් පණිවිඩය මගින් අවධාරණය කර ඇත