නාගදීප රාජ්‍ය වෙසක් උළෙලට ටී.එන්.ඒ විරුද්ධ වෙයි…

දිනසේන රතුගමගේ –

රජය ජාතික වෙසක් උත්සවය නාගදීපයේ පැවැත්වීමට තීරණය කොට ඇත්තේ ඔවුන් සතුව ඇති සිංහල බෞද්ධ බලවේගය දෙමළ ජනතාවට ප්‍රදර්ශනය කොට ඔවුන් බිය වැද්දීම සඳහා යැයි දෙමළ ජාතික සන්ධානය යාපනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඊයේ ( 1 )දා ප්‍රකාශ කොට තිබේ.

මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා පවසන්නේ සිංහල ජනතාව හෝ බෞද්ධයින් නොමැති නාගදීපය වැනි ප්‍රදේශයක බෞද්ධ ප්‍රබෝධය සදහා රජය කටයුතු කරන්නේ  සිංහල බෞද්ධ ජනතාව හරහා දෙමළ ජනතාව හෑල්ලුවට ලක් කිරීමට බවද පෙන්වා දෙයි.

මුලතිව් කුරුදුමලේ ප්‍රදේශයෙන් කැණීම් කටයුතු ආරම්භ කොට එය යාපනය දක්වා ව්‍යාප්ත කළේද එම යටි අරමුණ සහිතව බව පවසන ඔහු කච්චතීව් දූපතේ ශාන්ත අන්තෝනී මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්ලය අහෝසි කොට ඒ ප්‍රදේශයේම රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට උත්සාහ කිරීම තුළින් රජයේ දෙමළ විරෝධී බව ඉස්මතු වන්නේ යැයිද සදහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යුද සමයේදී උතුරු  පළාතේ විනාශයට පත් වූ හින්දු හා සෙසු බෞද්ධ නොවන සිද්ධස්ථාන වැඩි දියුණු නොකරණ  සිංහල බෞද්ධ රජයන් දෙමළ ජනතාවගෙන් මෙතරම් පළිගනු ලබන්නේ ඔවුන් වත්මන් රජයට ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී සහය ලබා නොදීම නිසා බවද කියා සිටියේය.

Exit mobile version