නව වසරේ ඇමති ධුර 06ක් වෙනස් කරන කැබිනට් සංශෝධනයක් !

රාජ්‍ය අමාත්‍යවරු කිහිප දෙනෙක් වෙනස් වී රාජ්‍ය ආයතන 08ක මුල් පුටු සෙලවෙන ලකුණු....

parliament of sri lanka

නව වසරේ කැබිනට්   සංශෝධනයක් සිදුවන බවත්,  මේ යටතේ ප්‍රබල ඇමැති ධුර හයක් පමණ වෙනස්වීම් සිදු වනු ඇති බවත්  රජයේ ආරංචි මාර්ග හෙළි කරයි.

එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙක් ද, කාර්ය සාධනය දුර්වල රජයේ ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන අටක  මුල් පුටු ද  වෙනස් වීමට නියමිත බව එම ආරංචි මාර්ග වාර්තා කරයි.

ආණ්ඩුව  නව වසරේ අලුත් ගමනක් ආරම්භ කිරීමේ මූලික පියවරක් ලෙස මෙම සංශෝධන සිදු කරන  බව වාර්තා වේ.


නව වසරේ නව වෙනස්කම් සමග අලූත් ගමනක් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පසුගිය 30 දා මාධය අමතා පැවසුවේය.

සමුහික තීන්දු තීරණ වලට ආණ්ඩුව නියෝජනය කරන කාට හෝ එකඟ වීමට නොහැකි නම් තුනෙන් දෙක පිළිබඳ නොසලකා තීන්දු තීරණ ගන්නා බවත් අදාළ තීන්දු තීරණ ක්‍රියාත්ක නොකිරීමෙන් අවසානයේ ජනතාව චෝදනා කරන්නේ ජනපතිවරයාට බවත් රාජ්‍ය ඇමැතිවරයා එදින  කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනපතිවරයාගෙන් අපේක්ෂා කළ දේ ඉටු නොවුණා කියා ජනතාව චෝදනා කරන වෙලාවට උපදෙස් දුන් හා අනුශාසනා කළ අය සොයා ගැනීමටවත් නොහැකි වන බව කී රාජ්‍ය ඇමතිවරයා මේ නිසා කුමන අභියෝග මධ්‍යයේ වුවත් ජනතාව වෙනුවෙන් ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බව කීවේය.

Exit mobile version