නල්ලූර් පූජාවට කඩා වදිනන්ට ගිය බැතිමතුන් හා පොලිසිය ගැටේ… පිරිස් මහ පාරේ පොල් ගසති…

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලීසියේ හා සෞඛ්‍ය නිලධාරීන්ගේ නියෝග නොතකා අති විශාල බැතිමතුන් පිරිසක් ඊයේ (14) දා යාපනය නල්ලූර් කන්දසාමී කෝවිලේ දහවල් පූජාවට පැමිණීමට උත්සහ කිරීම නිසා බැතිමතුන් හා පොලීසිය අතර දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තිබුණි.

පොලීසිය විසින් කෝවිලට ඇතුලුවන මාර්ග සියල්ලම මාර්ග බාධක යොදා වසා තිබියදී පොල් කපුරු මල්දම් හා වෙනත් පූජා භාණ්ඩ රැගත් බැතිමතුන් විශාල පිරිසක් මාර්ග බාධක පෙරළා ගෙන කෝවිල තුළට පැමිණීමට උත්සහ කළහ.

මේ අවස්ථාවේදී විශාල පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා තත්ත්වය පාලනය කිරීමෙන් පසුව බැතිමතුන් කෝවිල ඉදිරිපිට මාර්ගයේ වාඩි වී උපවාස කොට කෝවිලේ පූජාව පැවැත්වෙන හඩ ශබ්දවාහීනී යන්ත්‍රවලින් ඇසෙන විට මහ පාරේ පොල් ගසා කපුරු දල්වා දෙවියන් නැමද ආපසු ගියහ.

මේ දිනවල යාපනය නල්ලූර් කන්දසාමී කෝවිලේ වාර්ෂික මංගල්ලය ආරම්භ වී ඇතත් කොරෝනා වසංගතය නිසා කෝවිලේ පැවැත්වෙන පූජාවන්ට සහභාගිවිය හැක්කේ 90 ක් පමණ වූ බැතිමතුන් පිරිසකට පමණකි.

Exit mobile version