නල්ලූර් කෝවිලේ සෙල්වාගේ වැලි දෙවියෝ

දිනසේන රතුගමගේ

යාපනයේ නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්ලය අවසන් වී ගියේය.

මේ කෝවිල් මංගල්ලයට සහභාගී වූ සියලුම දෙනා වන්දනා මාන කළේ කෝවිලේ ඇති දේව රූප සමුදායටය.


ඔවුන් භෞතිකව දෙවියන් සොයමින් දෙවියන්ට වන්දනා මාන කරමින් දෙවියන්ගෙන් පිහිටාධාරය පතන ලද නමුත් යාපනයේ කෝපායි ගම්මානයේ පදිංචි ආරුමුගම් සෙල්වරත්නම් හෙවත් සෙල්වා මේ කෝවිල් මංගල්ල කාලය තුළම උත්සහ කළේ හදවතින් දෙවියන් දකින්නටය.

සෙල්වා කෝවිලට පැමිණි සෑම අවස්ථාවකම කෝවිල් භූමියේ එක් තැනක් තෝරා ගත්තේය.කෝවිල් භූමිය පුරා අතුරා ඇති මහා විශාල වැලි ගොඩවල් වලින් සෙල්වා කතරගම දෙවියන් මුරුගන් අඹන්න්ට වූයේ හදවතේ උපන් දේව භක්තිය නිසාමය.

දින කීපයක් ගතවන විට නල්ලූර් කෝවිල් භූමියේ බිම වැලි තලාව මතින් මදක් උසට මේ දේව රූප ඉතා අලංකාර ලෙස මතු කරගන්නට සෙල්වාට හැකි විය.

කෝවිලේ මංගල්ලයට පැමිණි බොහෝ දෙනාගේ සිත් කෝවිලේ ඇති දේවරූප වලට වඩා වැලි අතරින් නිර්මාණය වූ සෙල්වාගේ දේව රූප කෙරෙහි යොමුවිය.

නල්ලූර් කෝවිලේ මංගල්ලය අවසන් වී සියලු බැතිමතුන් නිවෙස් වලට ගියද සෙල්වාගේ අතින් වලි වලින් නිර්මාණය වූ දේව රූප තවමත් කෝවිලේ මිදුලේ දක්නට ලැබෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උතුරට මහා වැසි වැටී වැලි කදු කඩා වැටී දිය වී දිය පහරවල් සමග ගසා ගෙන යන තුරු සෙල්වා නිර්මාණය කළ දෙවියෝ නල්ලූර් කෝවිලේ වැඩ සිටිති.

Exit mobile version