නතාෂා සහ බෲනෝ යළි රිමාන්ඩ්!

බුදුදහමට අපහාස වන අයුරින් ප්‍රකාශ කළ බවට අත්අඩංගුවට ගත් විකට රංගන ශිල්පිනී නතාෂා එදිරිසූරිය සහ ඇයගේ අන්තර්ගතය බෙදාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික බෲනෝ දිවිකාර ජුනි 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත  කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ අද නියෝග කළේය.   

බුදු දහමට එරෙහි ප්‍රකාශ කිරීම සම්බන්ධව නතාෂා එදිරිසූරිය පසුගිය 27 වැනිදා කටුනායක ගුවන්තොටුපලේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු  අද (07) දක්වා රක්ෂිත බන්ධනා ගාරගත කළේය.

“සුද්ධෝන රජුගේ කොළු පැටියා “ යන වචන නිසා  බුදුන්වහන්සේට අපහාස කළ බව කියමින් ඇය අත්අඩංගුවට ගනු ලැබුවේය. එම වැඩසටහන ප්‍රචාරය කිරීම නිමිත්තේන්    SLVlog හි හිමිකරුවා වන බෲනෝ දිවාකර ද පසුගිය 31 දා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේය.   .

ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා  ප්‍රකාශ සටහන් කර අනතුරුව අත්අඩංගුවට ගෙන අද දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද යළිත් ඔවුන් දෙදෙනා ලබන 21 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Exit mobile version