නතර කළ මාලඹේ සැහැල්ලු දුම්රිය වෙනුවට බත්තරමුල්ලට සාමාන්‍ය දුම්රිය මාර්ගයක්

රජය විසින් නතර කරන ලද මාලබේ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වෙනුවට බත්තරමුල්ල සහ දෙමටගොඩ අතර දුම්රිය මාර්ගයක් ඉදි කිරීම සහ කඩිනම් බස් හුවමාරු ක්‍රමයක් (Bus Rapid Transit) සඳහා රජයේ අවධානය යොමු වී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජපාන ජයිකා ආයතනයෙන් ලැබෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2ක ණය ආධාර මත ඉදි කිරීමට සැලසුම් කර තිබූ මාලබේ , බත්තරමුල්ල සහ කොළඹ යා කරමින් ඉදි කිරීමට නියමිතව තිබූ මෙම ව්‍යාපෘතිය ජනාධිපතිවරයාගෙන් නියෝගයක් මත නතර කිරීමට පියවර ගෙන තිබූ අතර ඒ වනවිට ව්‍යාපෘතියේ මූලික කටයුතු බොහොමයක් අවසන්ව තිබිණි.

ජනාධිපති ලේකම්වරයා මේ සම්බන්ධයෙන් දැනට ව්‍යාපෘතියට අයත්ව තිබෙවිෂය භාර අමාත්‍යංශය වන ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත දන්වා ඇත්තේ මෙම ව්‍යාපෘතිය නිම කිරීම සඳහා වැය වන අධික මුදල හේතුවෙන් ඊට වඩා අඩු මුදලකින් සහ ඊට වඩා කෙටි කාලයකින් සිදු කළ හැකි ව්‍යාපෘතියක් සඳහා අවධානය යොමු කිරිමට රජයේ අදාළ අමාත්‍යංශ කටයුතු කරන බවය.


මේ අනුව මෙයට පෙර ද යෝජනා වූ දෙමටගොඩ සහ බත්තරමුල්ල අතර දුම්රිය මාර්ගයත් ඉදි කිරීම සහ බස් හුවමාරු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා අවධානය යොමුව ඇත.

සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදි කොට එම දුම්රිය සේවා ආරම්භ කිරීම සඳහා වසර 10ක් ගත වන බව සඳහන් වුවද මෙම දුම්රිය මාර්ගය වසර දෙකකට නොවැඩි කාලයක් තුළ සාදා නිම කිරීමට හැකියාවක් ඇති බවත් මේ වනවිටත් ඊට අදාළ ඉඩම් හඳුනාගෙන ඇති බවත් වාර්තා වෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම මේ සඳහා වැය වන වියදම් සැහැල්ලු දුම්රිය මාර්ගයට යන වියදමෙන් පහෙන් එකකින් අවසන් කළ හැකි වනු ඇති බවටද අදාල ව්‍යාපෘතියේ සැලසුම්කරුවන් රජයට යොජ්නා කර ඇති බව වාර්තා වේ.

Exit mobile version