ධර්මයේ උතුම් ගුණ බබළන බුද්ධාලම්භන ප්‍රීතියෙන් සමාජය සැරසෙන සුබ වෙසක් මංගල්‍යයක් වේවා!… කාදිනල් හිමියෝ ප්‍රාර්ථනා කරති…

උතුම් ධර්මයේ ගුණ ප්‍රකට කරන දහම් ගුණ තවදුරටත් වර්ධනය වී ජාතීන් අතර සහෝදරයත්වයත් එකිනෙකා පිළිගැනීමත් ප්‍රගුණ කරන, සියලු දෙනා දැහැමියාවට හා සාධු පැවැත්මට ඔසවා තබන උතුම් වෙසක් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් වෙසක් පණිවිඩයක් නිකුත් කර තිබේ.

ගෞතම බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිණිර්වාණය යන තෙමගුල සිහි කරමින් එළඹෙන වෙසක් මංගලෝත්සවයේ දි අති ගෞරවණීය මහා නායක ස්වාමින් වහන්සේ ප්‍රමුක සංඝයා වහන්සේට  ද ශ්‍රී ලංකා වාසි බොදුනු සහෝදරයන් සියලු දෙනාට ද ශීල ශ්‍රද්ධාවෙන් සහ බුද්ධාලම්භන ප්‍රීතියෙන් පිරි වෙසක් මංගල්‍යයක් කාදිනල් හිමියෝ ප්‍රාර්ථනා කර සිටිති.

වසර දෙදහස් පන්සීයයකට වැඩි කාලයක් තිස්සේ අපේ ජන විඤ්ඤාණයත් සමාජ සංස්කෘතියත් හැඩ ගැස්වූ බෞද්ධ ශිෂ්ඨාචාරයේ ශික්ෂණය නිසා චිත්ත ශක්තිය හා සමාජ පරිඤාණය අතින් ජනතාව ඉදිරියෙන් සිටින බවත්  මේ රට පිරිහෙන අවාසනාවන්ත දූපතක් බවට පත් වී ඇත්තේ  බල ලෝභී අතලොස්සකගේ ක්‍රියාකලාපය නිසා බවත් කාදිනල් හිමිපාණෝ කියති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම වෙසක් සුබ පැතුම් පණිවිඩය පහත දැක්වේ.


 

Exit mobile version