රටවල් 15ක තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් යළි කැඳවා තිබේ. විදේශ කටයුතු අමාත්‍යාශ ලේකම්වරියකගේ ලිපියකින් මෙසේ කැඳවා ඇත්තේ ශ්‍රී ලංකා විදේශ සේවයට අයත් නොවන, නමුත් එම තනතුරුවල සිටින තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන්ය.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිවුයෝක් නුවර නිත්‍ය නියෝජිත මොහාන් පීරිස්, බ්‍රිතාන්‍ය මහකොමසාරිස් රෝහිත බෝගොල්ලාගම, ඉන්දීය මහකොමසාරිස් හිටපු තානාපතිවරියකවන ෂෙනුකා සෙනවිරත්න, ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් විදේශ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරියකවන චිත්‍රාංගනී වාගීෂ්වර, ජපානයේ තානාපති රොඩ්නි පෙරේරා, මලයාසියාවේ මහ කොමසාරිස් හිටපු ගුවන් හමුදාපතිවරයෙක්වන සුමංගල ඩයස්, නේපාල තානාපති හිටපු ගුවන් හමුදාපතිවරයෙක්වන සුදර්ශන පතිරණ, කියුබා තානාපති හිටපු නාවිකහමුදාපතිවරයෙක්වන නිශාන්ත උළුගෙතැන්න, පකිස්ථාන මහකොමසාරිස් හිටපු නාවික හමුදාපතිවරයෙක්වන රවීන්ද්‍ර විජේගුණරත්න, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති උදය ඉන්ද්‍රරත්න, කෙන්යාවේ මහ කොමසාරිස් බී කනනාදන්, සී ෂෙල්ස් මහ කොමසාරිස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳගේ සොයුරු ශ්‍රීමාල් වික්‍රමසිංහ සහ ඉරාණ තානාපති මොහොමඩ් ෂාහීඩ් මෙසේ යළි කැඳවා තිබේ.
විදේශ කටයුතු ඇමති විජිත හේරත් පවසන්නේ මෙම තානාපති නිලධාරීන් සේම දැනට විදේශ සේවයේ සිටින මැති ඇමතිවරුන්ගේ දරුවන්, භාර්යාවන් ඥාතීන් ප්‍රමාණයක් ද යළි කැඳ වීමට තීරණය කර ඇති බවත් දෙසැම්බර් මස 01 දින වනවිට ඔවුන්ට යළි ලංකාවට පැමිණෙන ලෙස දන්වා තිබෙන බවත්ය.
මෙම තනතුරු වෙනුවෙන් සුදුසුකම් සහිත විදේශ සේවයේ වෘත්තිකයින් යොදවීමට නව රජය තීරණය කර තිබෙන බව විජිත හේරත් අමාත්‍යවරයා පැවසුවේය.
එමෙන්ම මෙසේ කැඳවූ ඇතැම් පුද්ගලයින්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධව විශේෂ විමර්ශනයක් පවත්වා ඔවුන් විනය විරෝධී කටයුතු කර ඇති නම් ඒ සඳහා අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු පැවසුවේය.







