බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙවියන් පෙන්නා රුපියල් ලක්ෂ හැත්තෑවක මුදල් සහ දේපල වංචා කෙරූ කපුවයි  මාමයි අත්අඩංගුවට.  

by editor
මාර්තු 5, 2025
in පුවත්
kapuwa
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

නිවසක ආරක්ෂාවක් කරදෙන බවට සහ, පවුලේ සමගිය, දියුණුව ඇතිකර දෙන බවට පවසා, දිඹුලාගල බෝගස්වැව ප්‍රදේශයේ එක්දරු මවකගෙන් වරින්වර රුපියල් තිස්හත් ලක්ෂ පනස්දාහක් පමණ වටිනා රත්තරන් භාණ්ඩ සහ, රුපියල් ලක්ෂ තිස්පක මුදලක් වංචා කර ලබාගත් වෙහෙරගල ප්‍රදේශයේ  කපුවෙක් සහ  ඔහුගේ මාමා අද (05)  පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වෙහෙරගල ප්‍රදේශයේ පදිංචි 33 වියති කපුවෙක් සහ පාලුගම, වලපනේ ප්‍රදේශයේ පදිංචි ඔහුගේ මාමණ්ඩිය වන 56 වියති අයෙකු බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන මනම්පිටිය පොලිසිය සඳහන් කරයි.

දිඹුලාගල බෝගස්වැව ප්‍රදේශයේ පදිංචි එක්දරු මවක වන 28 වියති තැනැත්තියක් මනම්පිටිය පොලිසියට ඉකුත් 05 වෙනිදා කරන ලද පැමිණිල්ලක් අනුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.

මෙම ඇදුරා නිවසේ ආරක්ෂාව කරදෙන බවට පළමුවෙන්ම එම මවගෙන් රුපියල් 70,000 ක මුදලක් ලබාගෙන ඇති අතර ඉන් අනතුරුව නිවසේ සංවර්ධන කටයුතු මෙන්ම ඇතිවී තිබෙන ආරවුල් සම්පූර්ණ විසඳා දෙන බවට පවසමින් ඇයගේත්, මවගේත්, ස්වාමියාගේත්, දරුවාගේත් අතැති සියලු රන් ආභරණ දේව යහනක තබා පූජා කිරීමට කැමැත්ත පළ කරගෙන ඇත.

ඒ අනුව මහත් පීඩනයට පත්ව සිටි එම මව තිස්හත් ලක්ෂ පනස්දාහක් වටිනා රන්ආභරණ දේවගැතියාට ලබාදී ඇති අතර කපුවා  මුදල් ද ඉල්ලීමෙන් අනතුරුව මව රුපියල් ලක්ෂ දාසයක පමණ මුදලක් ණය වී ඔහුගේ ගිණුම්වලට බැර කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

මෙම කපුවා සහ තවත් කිහිපදෙනෙකු වෙහෙරගල ප්‍රදේශයේ දීර්ඝ කාලෙක සිට මෙම දේවාලය පවත්වාගෙන යමින් විශාල පිරිසක් රවටා මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු තහවුරු වී ඇති බවත්, රුපියල් ලක්ෂ දෙසීයක් වටිනා වාහනයක් පරිහරණය කරන එම කපුවා, තමන් ලබාදුන් මුදල් ඉල්ලූ විට තර්ජනය කර ත්‍රිශුලෙන් ඇනීමට උත්සාහ දරා ඇති බවත් මව සිදුකර ඇති පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පවසයි.

පැමිණිලිකාරියගේ, මවගේ ස්ථිර තැන්පතු ගිණුමක තිබු රුපියල් ලක්ෂ දොළහක් වටිනා මුදලක්ද කපුවා විසින් ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි එම්.එස්.එම්. ජරූල් ගේ මෙහෙයවීමෙන් මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් දේවගැතියා සහ ඔහුගේ මාමා‍ 05 වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මනම්පිටිය පොලිසිය සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වන අලි කළමනාකරණ රක්ෂිතයට යාබද කැලෑව ඩොසර් කර සෝලා ව්‍යාපෘතියක්… වලව ගොවි සංවිධාන 84ක් කන්න රැස්වීම වර්ජනය කර විරෝධය පල කරති….

Next Post

පිරිවෙනේ වහළ කඩා වැටෙයි… නායක හිමියෝ අනූ නවයෙන් බේරෙති!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.