දූෂණ චෝදනා ලැබූ නාරා අධ්‍යක්ෂ ජනරාල් තනතුරින් ඉවතට…

සාවද්‍ය  මුදල් පරිහරණය, ආයතනික මූල්‍ය පටිපාටිය මෙන්ම ප්‍රසම්පාදන පටිපාටිය උල්ලංඝණය කිරීම පිළිබඳ දිගින් දිගටම චෝදනා ලැබූ ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ (NARA) අධ්‍යක්ෂ ජනරාල්වරයා  ලෙස කටයූතු කළ එල්.කේ.ටී.සී. ලොකු කුමාර ඒම තනතුරින් ඉවත් කර නව අධ්‍යක්ෂ ජනරාල්වයෙක් පත් කිරීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

හිටපු අධ්‍යක්ෂ ජනරාල් එල්.කේ.ටී.සී. ලොකු කුමාර

නාරා ආයතනයේ වෘත්තීය සමිති විසින් මේ පුද්ගලයන් සම්බන්ධව පූර්ණ වාර්තාවක් සාක්ෂි සහිතව   ජනාධිපතිවරයා  ඇතුළු සියලුම වගකිව යුතු අංශ වෙත යොමු කර තිබිණි. මේ පුද්ගලයා තනතුරින් ඉවත් කිරීම පමණක් නොසැහෙන බවත්, ඔහු මෙතෙක් රාජ්‍ය මුදල් අවභාවිත කරමින් කළ අකටයුතු ගැන විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් වෘත්තීය සමිති බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

මේ වනවිට ආයතනයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අචාර්ය පාලිත කිත්සිරි පත් කර තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නව අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය පාලිත කිත්සිරි

 

 

 

Exit mobile version