දුර ගමන් කෝචිචිවල දැඩි සීමා කතාව බොරුවක්! ඕන කෙනකුට යා හැකියි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පළාත් අතර ධාවනය වන කාර්යාල සේවා දුම්රියවලට අත්‍යවශ්‍ය සේවා හා සම්බන්ධ අය හැර වෙනත් කිසිදු මගියකු නංවා නොගන්නා බවට දුම්රිය සාමන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළද අද (11) සවස වනවිටත් කොළඹ කොටුව මරදාන ඇතුළු ප්‍රධාන දුම්රිය ස්ථාන කිසිවක මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බව වාර්තා වේ.

අද පස්වරු 4.35ට මහනුවර බලා ධාවනය වූ දුම්රියට සීමා රහිත මට්ටමින් මඟීන් නංවාගෙන ඇති අතර එහි තුන්වැනි පන්තියේ මගී ආසන කිසිදු සීමාවකින් තොරව ආසන්නව වාඩි වී ගමන් ගත් බවත් දුම්රිය මැදිරි තුළ මඟීන් හිට ගෙන පවා ගමන් ගන්නා බවත් මෙම දුම්රියේ ගමන් ගන්නා මගීහු ලංකාසර ට පැවසූහ.

ඇතැම් මගීන් තමන් යෙදෙන්නේ අත්‍යවශ්‍ය රාජකාරියක බව සහ යන්නේ අත්‍යව්‍යය ගමනක් බවට අදාළ ආයතනවල අනුමැතිය සහිත ලිපි ලේඛන සූදානම් කරගෙන පැමිණියද කිසිදු අකාරයකින් මේවා පරීක්ෂා කිරීමක් සිදු නොවුණු බව ඔවුහු සඳහන් කළහ.

කොවිඩ් පාලන කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර ද සිල්වා ඊයේ (10) ද අවධාරණය කළේ කොවිඩ් ව්‍යාප්තියේ පවතින බරපතලකම මත අත්‍යවශ්‍යම රාජකාරී කරුණක් හැරුණු විට කිසිදු ආකාරයකින් පළාත් අතර සංචරණයට ඉඩක් නොතබන බවය.

මීට අනුගතව දුම්රිය සේවාවන්වලදීද මෙම දැඩි සීමා ක්‍රියාත්මක කරන බවට දුම්රිය සාමන්‍යාධිකාරීවරයා පැවසුවද කිසිදු වගකීමකින් දුම්රිය බලධාරීන් ක්‍රියාත්මක වී නොමැති බව මෙම මගීහු සඳහන් කළහ.

Exit mobile version