දුමින්ද නිදහස් කිරීම ගැන ඇමති නාමල් සතුටින්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිනීමැරුම් චෝදනා සම්බන්ධයෙන් සිර දඬුවම් ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. දුමින්ද සිල්වා   නිදහස් කිරීම අගය කරන අතර දුමින්ද සිල්වා පසුගිය රජයෙන් දැඩි අසාධාරණකම්වලට ලක් වූ පුද්ගලයකු සේ දේශපාලනික වශයෙන් පළිගැනීමකට ලක්ව සිටි පුද්ගලයකු බවත් ක්‍රිඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මාධ්‍යයට අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ  තවදුරටත් සඳහන් කළේ පසුගිය කාලයේ එළියට පැමිණි රන්ජන් රාමනායක ගේ දුරකථන සංවාදවලින් ඒ බව මනාව පැහැදිලි වුණු බවද ඇමතිවරයා සඳහන් කළේය.

එමෙන්ම දුමින්ද සිල්වා ට එරෙහිව ලබා දුන් නඩු තීන්දුව ද මේ රටේ ජනතාව අතර මහත් විවේචනයට ලක්වූ එකක් වු බවද හෙතෙම ප්‍රකාශ කළේය.

“ජනාධිපතිතුමා අද දවසේ බොහෝ සිරකරුවන්ට නිදහස දුන්නා. දුමින්ද සිල්වාත් ඒ අතරින් කෙනෙක් මෙය ඇත්තටම ධනාත්මක කරුණක්. “ යයිද ඔහු පැවසීය.

Exit mobile version