දුම්බොන අය ටික ටික මැරෙන හැටි දැනගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඇප් එකක්…

App

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය අමාත්‍යංශය මගින් අද හඳුන්වා දුන් නවතම යෙදවුමක් (ඇප්) තමන්ගේ ජංගම දුරකථනයට අන්තර්ගත කර ගැනීම මගින් දුම්පානය කරන පුද්ගලයෙකුගේ ජීවිතය කෙටිවීම සඳහා ගතවන කාලය ක්ෂණිකව දැනගැනීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

මේ යෙදවුම මගින් තම පියා දුම්පානය කරන්නෙකු නම් ඔහුගේ ජීවිතය කෙටිවන අන්දම දරුවන්ට බලා ගත හැකි බවත් පියා මෙම අනතුරෙන් ගලවා ගැනීමේ හැකියාව දරුවන්ට ඇති බවත් එම අමාත්‍යාංශය තහවුර කළේය.

මේ අවස්ථාවට සහභාගී වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මී සෝමතුංග පැවසුවේ වැඩිහිටියන් නිවස තුළ සිදුකරන දුම්පානයන් හේතුවෙන් වසරකට ලොව පුරා ළමුන් 65000ක් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇති බවය.

වසරකට මිලියන 8ට වඩා වැඩි පිරිසක් දුම්පානය හේතුවෙන් මිය යන අතර මිලියන 1.5ක් දෙනා මිය යනුයේ අක්‍රීය දුම්පානය හේතුවෙන් යැයිද ඇය කීවාය.

Exit mobile version