බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිස් ඉස් දැට් අ දැට් ! දැට් ඉස් දිස් දිස් අ දිස් ! වට් ද ෆක් ඉස් දිස්?

by editor
දෙසැම්බර් 17, 2021
in පුවත්
colum
Share on FacebookShare on Twitter

සුරත් ද මැල් –

මෑතදි පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී රජයේ නිලධාරියෙක් අමුතු ඉංගිරිසියක් කතා කළේය. එය ඔහුට අපට තියා සුද්දගේ නැන්දම්මාටවත් තේරැම් ගැනීමට බැරිය. නිතිපතා මාධ්‍ය සාකච්ඡා පවත්වන වෛද්‍යවරයෙකුට ඉංග්‍රිසි අමතක වීම සුළුපටු කරැණක් නොවෙයි. මේ පසු පස සැඟවුණු රහසක් ඇති බව මම සැක කළෙමි. මා දන්නා කියන මානසික වෛද්‍යවරයෙකුට කතා කළේ එහි සුලමුල දැන ගනු රිසියෙනි.

“ඕක එසේ මෙසේ රෝගයක් නෙමෙයි. මානසික ආතතිය වැඩි වුණාම දෙවියන්ට කන්නලව් කරන්නෙ ඔහොමයි. ඔහේලට ඕවා තේරැණේ නැති වුණාට එයාලට ඕව වැටහෙනවා.” වෛද්‍යවරයා කීය.

“කවුද එයාලා? එතන හිටියේ මාධ්‍යවේදියොනේ? උන්ද දෙය්යෝ?”

“කෙහෙල්මල. මාධ්‍යවේදියෝ කියන්නේ  යක්ෂයාගේ අනුගාමිකයෝ. දේව භාෂාව වැටහෙන්නේ නෑ ඒ අයට”

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

වදින්න ගිය දේවාලේ මානසික රෝහලක්දැයි මට සැක සිතුණි.

“මේ ඔක්කොම ඉතිං අපේ දෙය්යොන්ගෙ වැඩ තමයි” වෛද්‍යවරයා තනිවම තැතනුවේය.

ලංකාවේ වැඩිමනක් වෛද්‍යවරැ වනාහි දෙමාපියන්ගේ බලකිරීම මත ආතුරයන්ගෙ වැදුම් පිදුම් ලබනු රිසියෙන් දොස්තරකමට ආරෑඩ වූ පිරිසක් මිසක විද්‍යාව පිළිබඳ මෙලෝ විශ්වාසයක් නැති ජන කොට්ඨාසයක් බැව් අමුතුවෙන් නොකිව මනාය.

” දෙය්යො වෙන කවුරැ වුනත් කමක් නෑ. ඒ නාථ කියල නම් කියන්න එපා.

නාථ සාෆිට ගේමක් දෙන්න ගිහිල්ලා දැන් අනාථ වෙලානෙ ඉන්නෙ” මම සතුටින් ඉපිලෙමින් පැවසුවෙමි.

“ඒකේ පොඩි ඇත්තකුත් තියෙනවා. නාථත් දැන් මේ දවස්වල අල්ලාහ්! කියා ගත්ත ගමන් ඉන්නේ” වෛද්‍යවරයා කනස්සල්ලෙන් කීය.

“ඉතිං මේ අනාථ වෙච්ච රටට අනාථ වෙච්ච නාථ වගේ දෙය්යෙක් නැතුව අඩු ගානේ ගොඩ ගිය දෙය්යෙක්වත් හොයා ගන්න බැරිද?”  මම ඇසුවෙමි.

“මෙහෙමනෙ දෙය්යො එහෙම ලේසියට අනාථ වෙන්නේ නෑ. මොකද දෙය්යො පත් කර ගත්තෙ මිනිස්සුනේ.  ඉතිං දෙය්යන්ගෙ වැරැද්දක් නෑ. මිස්ටේක් එකක් වුණොත් වන්දි ගෙවන්න ඕනේ අනුගාමිකයෝ”  වෛද්‍යවරයා දිව්‍ය ලොජික් ඇද බෑවේය.

“වැඩේ කියන්නේ අනිත් උන් පත් කරපු දෙය්යොන්ගෙ පරිප්පු කන්නෙත් අපිනේ”

“ඉතිං ඔහේලට හරියන දෙය්යෙක් පත්කර ගන්නවා ඒකට. නැත්තම් රටේ තියෙන ප්‍රශ්නත් එක්ක මානසික ආතතිය වගේ දැනෙනවා නම් යනවා දොස්තර කෙනෙක් ගාවට” දොස්තර ගිගිරැවේය.

“මට හිතෙන්නේ රටේ මුළු ජනගහනයම  මේ වෙලාවේ ආතතියෙන් ඉන්නේ? ඉතිං ඔහේලට අපි ඔක්කොන්ටම එකවර  වෙදකම් කරන්න ක්‍රමවේදයක් තියෙනවැයි?” මම සිත්තැවුලෙන් විමසීමි.

“ඒක නම් බරපතලයි. කෙලින්ම  දෙය්යන්ට  තමයි බාර ⁣දෙන්න වෙන්නේ” හේ සැකහැර කීවේය.

“ඒක නෙමෙයි දොස්තර මහත්තයෝ, මේ ඔක්කොම හත්තිලව් දිහා බලන් ඉඳලා දැන් ඔය දෙවියන්ට මානසික තැවුල් එහෙම එන්නෙ නැද්ද?” මම ඇසුවෙමි.

“මොකෝ නැත්තේ කැළණි ගඟෙන් මතුවුණු නාග රාජයාගෙන් පටන් වඳ සැත්කම් ධම්මික පැණිය නැගෙනහිර ජැටිය කුණු නැව් ගුරැ හටන් යුධගනව් හරහා ඩොලර් සන්නියට එනකම් සියල්ල ගැන දැන් එතුමා කනස්සල්ලෙන් ඉන්නේ” මානසික වෛද්‍යවරයා කීය.

‘ඉතිං ඒ වෙලාවට දෙවියොත් එනවද බෙහෙත් ගන්න?” මම ඇසුවෙමි.

“නැතුව නැතුව” මානසික වෛද්‍යවරයා ආඩම්බරයෙන් කීය.

“එතකොට ඔහේලා එයැයිලට කරන ප්‍රතිකාර මොනවැයි?” මට ඉවසිලි නැති විය.

“මම මෙහෙම කියනවා, ‘පිස්සු කෙලින්න එපා දෙය්යෝ. ඔහේට ඉහෙන් බහින ලෙඩක් නෑ. ඔය කරගෙන ආපු විදියටම කරගෙන යන්නයි තියෙන්නේ. ඔය පාරේ ගියොත් තව ටික දවසකින් ඔහේට පුළුවන් මුළු රටම ස්වර්ගෙට යවන්න”

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෑත ඉතිහාසයේ මුල්ම වරට දේශීය අටපිරිකරක්….

Next Post

රේගුවෙන් අඩුවට විස්කි… රේගු නිලධාරීන් මලු පුරවන් අරන් ගිහින්…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.