දිවයින පුරා ප්‍රතිකාර මධ්‍යස්ථාන 72ක ගිලන් ඇඳන් 13000ක් 

නතාෂා නෙත්මිණි –  

නවතම දත්ත අනුව මේ වන විට දිවයින පුරා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 72ක  ගිලන් ඇඳන් 13,000 කට ආසන්න ප්‍රමාණයක් කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර සේවාවන් සැපයීම සදහා වෙන් කර ඇති බවත්, හික්කඩුව සහ කොග්ගල ප්‍රදේශවල පිහිටි පෞද්ගලික හෝටල් 02 ක් ප්‍රාථමික ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස සකස් කොට කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සඳහා වෙන් කොට ඇති අතර  එහි ඇඳන් ධාරිතාව 220 ක් බවත්  සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය කීවේය. 

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ අද සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ පැවති විශේෂ රැස්වීමක දී ය. 

එහි දී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම සෑම ප්‍රතිකාර මධ්‍යස්ථානයකින්ම බැහැර කරනු ලබන අපද්‍රව්‍ය T.C.L  යොදා පිරිපහදු කොට මලාපවහන පද්ධති මගින් පමණක් බැහැර කිරීමට කටයුතු කර ඇති බවය.   


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිවයින තුළ පවතින කොවිඩ්-19 වසංගත තත්වයත් සමග රටේ දෛනික කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී හා  විදේශීය සංචාරකයින් මෙරටට ගෙන්වීමේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදෙන මාර්ගෝපදේශයන් ඒ අයුරින්ම ක්‍රියාත්මක කළ යුතු බවත්   සෞඛ්‍ය බලධාරීන් විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට   අද පැවසූහ. 

 

 

Exit mobile version