‘දිවයිනට’ එරෙහිව සාෆිගේ පරීක්ෂණය අවසන්

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් මව්වරුන්ට වඳ සැත්කම් කිරීමේ සිද්ධියට අදාළව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ වෛද්‍ය ශාෆි සහබ්දීන් විසින් කරන ලද පැමිණිල්ලට අනුව දිවයින පුවත්පතේ සම කර්තෘ මනෝජ් අබේධීර සහ එහි නියෝජ්‍ය කර්තෘ හේමන්ත රන්දුණු යන මහත්වරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද පරීක්ෂණය අවසන් කර තිබේ.

ඒ පැමිණිල්ලට අදාළව ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2019 මැයි 23 වැනි දින දිවයින පුවත්පතේ පළවූ එහි නියෝජ්‍ය කර්තෘ හේමන්ත රන්දුණු මහතා විසින් ලියන ලද ‘සිසේරියන් සැත්කම්වලින් පසු – තව්හිද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කරලා’ යන ප්‍රවෘත්තියට අදාළව ශාෆි සහබ්දීන් වෛද්‍යවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දිවයින පුවත්පතට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.


Exit mobile version