දියණියගේ අනතුරින් පසු එස්.එස්. පීට මාරුවක්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නුගේගොඩ කොට්ඨාස භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලටය මාරුවක් ලැබී තිබේ.

පසුගියදා සිය දියණිය පදවාගෙන ගිය සුඛෝපභෝගී ජීප් රථයක් කොළඹ 07 පිහිටි මෝටර් රථ ප්‍රදර්ශනාගාරයකට කඩා වැදීමේ වූ අනතුරින් පසුව රත්නායක මහතාට මෙම ස්ථාන මාරුව ලැබී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

නුගේගොඩ කොට්ඨාසය භාර නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස නුවන් අසංක මහතා මේ වනවිට පත් කර ඇති බව වාර්තා වේ.

Exit mobile version