දින 14 නිරෝධායන අවශ්‍ය නෑ… ඔමික්‍රොන් රටට පැමිණීමේ අවදානම අඩුයි… සංචාරක ඇමති ප්‍රසන්න

ඔමික්‍රොන් වෛරසය රටට පැමිණිමේ අවදානම ඉතා අඩු බවත් එබැවින් සංචාරකයන් සඳහා දින 14 ක නිරෝධායන කාල සීමාවක අවශ්‍යතාවක් තවම නොමැති බව ද සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

පසුගිය කාල සීමාව තුළ කොවිඩි වැළඳුණු සංචාරකයින් මෙරටට පැමිණීමේ සංඛ්‍යාව ඉතා අඩු අගයක පැවති බව ද සංචාරක අමාත්‍යාංශය  පෙන්වා දෙන බව සිරස පුවත් සේවය වාර්තා කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අමාත්‍යවරයා මෙම ප්‍රකාශ කරනු ලබන්නේ සෞඛ්‍ය අංශ විසින් කොවිඩ් ඔමික්‍රොන් වෛරසය රට තුළට පැමිණීමේ එකම හැකියාව වන සංචාරකයන් පිළිබඳව දැඩි අධීක්ෂණයක් ඉල්ලා සිටින පසුබිමක වීම විශේෂය.


 

Exit mobile version