දින පහක් වයසැති බිළිඳා කොවිඩ් ආසාදිතව මිය යයි!

Baby-Death

කෝවිඩි වයිරසය  ආසාදනය විම හේතුවෙන් දින පහක් වයසැති බිලින්දකු බලන්ගොඩ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි  මියගිය බව පොලිසිය පවසයි.

පෙටිටිය ගල පාර,බෝමිබුව,බලන්ගොඩ ලිපිනයේ පදිංචිව සිටි බිලින්දකු මෙලෙස කෝවිඩි ආසාදනය විි මියගොස් ඇතැයි බලන්ගොඩ රෝහල් පොලිසිය පැවැසිය.

බලන්ගොඩ මුලික රෝහලේදි ඉකුත් 7 වැනි දා උපත ලබා තිබෙන අතර උපන් දා සිට ඇති වු හුස්ම ගැනිමේ අපහතාවයක් හේතුවෙන් බලන්ගොඩ මුලික රෝහලේ නොමෙරු ළදරු ඒකකයට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදි මියගොස් ඇත.


එහිදී සිදුකල පි.සි.ආර්. පරික්ෂණයේදි කෝවිඩි වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි තිබෙ. දරුවා බිහි කල මවගේද පි.සි.ආර්. පරික්ෂණය සිදු කර තිබෙන අතර එහි වාර්තා ලැබිමට නියමිව තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදිප –

Exit mobile version