දින දෙකක් තුළ පානම දෙවැනි ගොවියාත් කොටියා කයි…

කුපිත වූ ගැමියෝ ආරක්ෂාව සපයන්න පොරොන්දු වූ වනජීවි නිලධාරීන් සොයා ගොස් කාර්යාලය කුඩු කරති....

සුසන්ත අමරබන්දු –

පානම හැලව දී තවත් ගොවියෙක් ඊයේ (01) රාත්‍රියේ කොටි ප්‍රහාරයකට ලක් වී බරපතල තුවලා සහිතව අම්පාර රෝහලට ඇතුළත් කර තබේ. මේ සිද්ධියත් සමග ගොවිතැන් කටයුතු සඳහාවත් එළියට බැසීමට නොහැකිව  ප්‍රදේශවාසීහු දැඩි භිතියකට පත්ව සිටිති. 

පෙරෙදා පානම හැලවදීම සිදුවූ කොටි ප්‍රහාරයෙන් පැල් රකිමින් සිටි එක් ගොවියෙක් මිය ගිය අතර ඒ මරණයත් සමග වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීහු ගොවින්ට ආරක්ෂාව ලබා දීමට පොරොන්දු වී තිබිණි.
එබැවින් කුපිත වූ ගැමියෝ ඊයේ රාත්‍රියේ පානම වනජීවි නිලධාරී කාර්යාලය වටලා පහර දුන්හ. වනජීවී නිලධාරීන් පා ගමිනින් කුමණ වනඅඩවි කාර්යාලට ගමන් කර තිබිණි.

වනජීවී කාර්යාලයට පහර දුන් පිරිසෙන් පස්දෙනෙක් ඊයේ පොලිස් අත්අඩංගුවට ගත්තේය.


ඊයේ කොටි ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල ලබා තිබුණේ පී.ප්‍රේමතිලක නැමැති 56 හැවිරිදි ගොවියෙකි. ගොවීන් 05 දෙනෙක් අලින් පලවා හැරීම සඳහා යන අතර තුර පිටුපසින්ම ගමන් ගත් මේ ගොවියා වෙත කොටියා පැන තිබේ. ගොදුර ඇදගෙන කැලයට යන්නට හදන විට අනෙක් පිරිස කොටියා පලවා හැර තුවාලකරු පානම රෝහලට රැගෙන ගොස් ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එතැනින් ඔහු අම්පාර රෝහලට මාරු කර යවා තිබේ.

Exit mobile version