බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“දින දෙකක් තියා පැයකවත් විදුලි කප්පාදුවක් කරන්න ඉඩදෙන්නේ නෑ”

වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමය කියයි

by Lanka Sara Editor
නොවැම්බර් 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දින දෙකක විදුලි කප්පාදුවක් තියා පැයකවත් විදුලි කප්පාදුවක් කිරීමට කිසිදු ඉඩක් නොතබන බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ ප්‍රධාන ලේකම් උමේධ සෙනෙවිරත්න මහතා අවධාරණය කරයි.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තිය සමිතියේ ප්‍රධාන ලේකම්වරයා මෙන්ම ඒම පෙරමුණේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු මෙන්ම ලං.වි.ම. සේවකයෙකු ලෙසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් දින දෙකක විදුලි කප්පාදුවක් කරන බවට සිදු කර ඇති බරපතල ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙස තම සංගමය ලං.වි.ම. පාලනාධිකාරියෙන් ඉල්ලීමක් සිදු කළ බවද ඒ මහතා කියා සිටියේය.

88/89 කාලයේ දැඩි භීෂණයක් රටේ පවත්වමින් ලං.වි.ම. ට අයිති සම්පත් වන ට්‍රාන්ස්ෆෝමර් ගිනි තැබුවා. රෑට විදුලිය පාවිච්චි කරන්නෙපා, එහෙම කරොත් මරණවා කියලා කියපු කණ්ඩායමක් තමයි ජ.වි.පෙ කියන්නේ. අපිට සැකයක් ඇති වෙනවා ජ.වි.පෙ නැවත උත්සහ කරන්නේ 88/89 ඇති කළ භීෂණයේ මර්ධනය ඇති කරන්නද කියන එක යැයිද ඒ මහතා කියා සිටියේය.

ඔහු විසින් සිදු කර ඇත්තේ බරපතල ප්‍රකාශයක් බව කියා සිටි ඒ මහතා දින දෙකක් රට අදුරේ පවත්වන බවට ලංවිම සේවකයෙක් ලෙස ඔහු විසින් සිදු කර ඇති ප්‍රකාශය කුමන්ත්‍රණකාරී ප්‍රකාශයක් බවත්, රටේ සංවර්ධනයේදී ජ.වි.පෙ. ප්‍රතිචාරය ලෙස අඛණ්ඩව දැක්වූ විරෝධතාවල තවත් එක් ප්‍රකාශයක් ලෙස මෙම ප්‍රකාශය හැඳින්විය හැකි බවත් හෙතෙම කියා සිටියේය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ඒ මහතා මේ බව කියා සිටියේ දින දෙකක් රට අඳුරේ තබන බවට ජ.වි.පෙ. වෘත්තිය සමිතියේ ප්‍රධාන ලේකම් සිදුකර ඇති ප්‍රකාශයට විරෝධය පල කරමින් විදුලිබල අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් එහිදී ඒ මහතා මෙසේද කීවේය.

ජනතා විමුක්ති පෙරමුණ රටේ සංවර්ධනයේදී කවදත් විරුද්ධව නැගී හිටියා. කිසිදු හේතුවකින් විදුලි විසන්ධි කිරීමක් කරන්න අපි ඉඩ තියන්නේ නැහැ. ලං.වි.ම. සේවකයන් ලෙස අපි බැඳී සිටිනවා පාරිභෝගිකයන්ට අඛණ්ඩව විදුලිය ලබා දෙන්න. පාරිභෝගිකයන් විදුලිය ගන්නේ මුදල් වලට. කුමන වෘත්තීය ක්‍රියා මාර්ගය ගත්තත් මුදල් ගෙවා මූලික අවශ්‍යතාවයක් ලෙස ලබා ගන්නා විදුලිය අත්හිටුවීම‌ට අපිට අයිතියක් නැහැ. මේ නිසා අපි අපේ ආදරණීය සියළු සේවකයින්ගෙන් ඉල්ලා සිටිනවා ජ.වි.පෙ. කුමන්ත්‍රණයට හසු වෙන්න එපා කියලා. ඔක්තොම්බර් 29 රටේම තියෙන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කාර්යාල වල විරෝධතා පැවැත්වූවා. ඒ විරෝධතා අති අසාර්ථක වුණා. ජ.වි.පෙ. ක්‍රියාදාමය සහෝදර සේවකයන් ප්‍රතික්ෂේප කරන බව ඉන් පේනවා. ජ.වි.පෙ. සහ තවත් ඔවුන්ට හවුල් වෘත්තීය සමිති කිහිපයක් මෙම ක්‍රියාදාමයේ නියැලෙනවා. ඊයේ විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ මහතා සමඟ වෘත්තීය සමිති 22 කට ආසන්න වෘත්තීය සමිති එකමුතුව සාකච්ඡා කරා. වෘත්තිය සමිති එකමුතුවට තිබුණ ගැටළු ප්‍රශ්න ඒ අවස්ථාවේ නිරාකරණය කර ගන්න හැකි වුණා. වෘත්තීය සමිති මාෆියාවක මේ එක් පියවරක් බව එහිදී තේරුම් ගත හැකි වුණා. මේ කිසිදු වෘත්තිය ක්‍රියාමාර්ගයකට එක්වෙන්නේ නැහැ කියලා ඔවුන් සහතික වුණා. ලං.වි.ම. සියළු වෘත්තිය සමිතිවල සිටින සේවක මහත්ම මහත්මීන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ මේ අවස්ථාවේ බුද්ධිමත්ව කටයුතු කරන ලෙසයි. ජ.වි.පෙ. දේශපාලන අතකොලුවක් නොවන ලෙස. ජ.වි.පෙ. ඉදිරියට ගන්නේ කෙරවලපිටිය ඇමරිකාවට විකිණීම නවතමු කියන මාතෘකාව. මේ අය මේ විදියටම මත්තල ගුවන් තොටුපල හදනකොට මොණරු ගුවන්යානා වල වදිනවා කිව්වා. මත්තල වරාය හදනකොට ගලක් තියෙනවා, නැව් එන්නේ නෑ කිව්වා. දක්ෂිණ අධිවේගී මාර්ගය ඇඹුල්තියල් ගේන්නද ඇහුවා. පෝර්ට්සිටිය හදනකොට ලංකාවේ කළුගල් ඉවර වෙයි කිව්වා. නොරොච්චෝල බලාගාරය හදන්න දුන්නෙම නෑ, චීනේ විසිකරපු යකඩ ගොඩක් ගෙනත් හයි කරනවා කිව්වා. පරිසරවේදීන් කුලප්පු කලා. අද ඒ සියළු ව්‍යාපෘතීන් සාර්ථක වෙලා තියෙනවා. ජ.වි.පෙ. අද එල්එන්ජී බලාගාරය මාකට් කරමින් ඉන්නවා. එය නවත්වන්න අවශ්‍ය වෙලා තියෙනවා. මේ අයට සංවර්ධනය පේන්න බෑ. විදුලිබිලට රුපියලක් හරි අඩු කරන ව්‍යාපෘති වලට අපිට විරුද්ධ වෙන්න බෑ. මෙවැනි කුමන්ත්‍රණකාරී උද්ඝෝෂණ වලට සහභාගී නොවී ලං.වි.ම. ආරක්ෂා කිරීමේ වැඩපිලිවෙලට එක් වන්නැයි සියළු ලං.වි.ම. සේවකයින්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම මෙවැනි කුමන්ත්‍රණකාරී ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කරන්න කියා අපි පාලනාධිකාරියෙන් ඉල්ලා සිටිනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුරුත්තෙට්ටුවේ හිමිගේ උපකුලපතිකමට කොළඹ සරසවියෙන් පළමු විරෝධය පලවේ…

Next Post

කුලපති වුනත් හෙද සංගමයෙ සභාපතිකම අතහරින්නෙ නෑ… මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි…

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.