දිට්වා සුළි කුණාටුවෙන් දේපළ හානි වූ ජනතාව වෙනුවෙන් අක්කර 10ක ඉඩම් ප්‍රමාණයක් පරිත්‍යාග කිරීමට සියඹලාපිටිය, යට්ටෝගොඩ, යටහලෙන රජමහා විහාරාධිපති, ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම විශාරද පූජ්‍ය මාවීකන්දේ රතනපාල හිමි සිදුකරනු ලැබූහ.
උන්වහන්සේ මෙම භූමිය ප්‍රදානය කර තිබුණේ තමන්වහන්සේට හිමිකම තිබූ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියඹලාපිටිය ප්‍රදේශයෙනි.
එම අක්කර දහයක භූමියට අදාළ ලේඛන ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත උන්වහන්සේ ඊයේ (07) පස්වරුවේ භාර දෙනු ලැබීය.
දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කර තිබෙන බවත්, ඒ අනුව ඉඩම් පරිත්‍යාග කිරීමට කැමති අයට අවශ්‍ය තොරතුරු www.rebuldingsrilanka.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවත් ජනාධිපති ලේකම්වරයා සඳහන් කරයි.
ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.





