දිට්වා සුළි කුණාටුවට මුහුණ දීමට පූර්ව සූදානමක් නොමැතිකම සම්බන්ධව අධ්‍යයනය කර වාර්තාවක් සකස් කිරිම සඳහා විපක්ෂය යෝජනා කළ විශේෂ කාරක සභාවේ සභාපතිත්වය විපක්ෂයට ලබා දී එහි සංයුතිය වෙනස් කරන ලෙස අද (06) විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක පාර්ලිමේන්තුවේ දි ඉල්ලා සිටියේය.
මන්ත්‍රීවරයා පැවසුවේ එවැනි කාරක සභාවක් පත් කරන ලෙස කරන ලිඛිත ඉල්ලීම මන්ත්‍රිවරුන් විසි ගණනකගේ අත්සන සහිතව පසුගිය දෙසැම්බර් මස 18 වැනිදා කථානායකවරයාට භාර දුන් බවය.
මේ සම්බන්ධව ආණ්ඩුව සද් භාවයෙන් කටයුතු කරන්නේ නම් එම කාරක සභාවේ සභාපතිත්වය විපක්ෂයට ලබා දෙන ලෙසත්, මින් පෙර එවැනි අවස්ථාවක දී එවැනි කාරක සභාවක් පත් කරනවිට එහි සභාපතිත්වය ලබා දුන් පූර්වාදර්ශයක් මේ පාර්ලිමේන්තුවේ අති බවත් ගයන්ත කරුණාතිලක කීවේය.
කථානායකවරයා පැවසුවේ ඒ සම්බන්ධ ක්‍රියාවලිය සිදුවන බවය.







