“දැන් කල් පැනලා… හරි තීන්දු ගන්න වෙන්නෙත් වෙනත් කණ්ඩායමකට…“ රාජ්‍ය ඇමති ආණ්ඩුවට යන්න කියයි!

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියූ කතාව...

කරන්න බැරි දේ කරන්නට ගොස් රටට කළ ව්‍යසනය නිවැරදි කිරීමට දැන් කල් පහුවී ඇති බැවින් නිවැරදි තීන්දු ගන්නට සිදුවන්නේ වෙනත් කණ්ඩායමකට බවත් දැන් කළ යුත්තේ පුලුවන් කෙනෙකුට වැඩේ භාර දී ඉවත් වී යෑම බවත්   අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත  කීවේය.

“කෘෂිකර්ම ඇමති ෆේල්.  මේ ව්‍යසනයට විෂය භාරව කටයුතු කරන සියලු  ඇමතිවරුන් හා ප්‍රතිපත්ති තීන්දු ගෙන ක්‍රියාත්මක කළ ආණ්ඩුවේ පිරිස් වගකිවයුතුයි. අපේ ආණ්ඩුව උනාට අප ඉන්නෙ බංකුවේ. තීන්දු ගන්න තැන්වල නෑ.“ රාජ්‍ය ඇමතිවරයා කීවේය.

රාජ්‍ය ඇමතිවරයා කීවේ මෙසේය.


“හරි තීන්දු තීරණ ගන්න තිබුණා කලින් . දැන් කල් පැනලා. දැන් වෙන කට්ටියකට තමයි හරි තීන්දු ගන්න වෙන්නේ. ඒ නිසා කරන්න පුලුවන් කෙනෙකුට භාර දීලා දැන් ඉවත් වෙලා යන්නයි තිබෙන්නෙ. “

“කෘෂිකර්ම ඇමතිවරයා සම්පූර්ණයෙන්ම ෆේල්.  පොහොර නැතිව කොහොමද ගොවීන් පලාදව ගන්නේ. මේවා වේලපහින් සූදානම් වෙලා කරන්න අවශ්‍ය වැඩ.  කරන්න බැරි දේවල් කරන්න ගිහින් තමයි දැන් රටම අමාරුවෙ දාලා තිබෙන්නෙ.“

“ සම්පූර්ණ වගකීම ගන්න ඕන විෂය භාරව ඉන්න ඇමතිවරුයි ප්‍රතිපත්ති තීන්දු ගත්ත අයයි.  අපේ ආණ්ඩුව උනාට අප තීන්දු ගන්න තැන්වල නෑ. අපි ඉන්නෙ බංකුවේ. දැන්  කරන්න බැරි අය අයින් වෙලා පුලුවන් අයට දෙන්න ඕන. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රාජ්‍ය ඇමතිවරයා කීවේය.

 

Exit mobile version