දැඩි පොලිස් රැකවල් මැද ඉෂාලිනී ගේ සිරුර යළි ගොඩ ගත් මොහොත…

දහස් ගණන් පිරිස සිරුර ගොඩගනු බලන්න රොක් වෙති... දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයට මිනිය පේරාදෙණියට..

බදියුදීන් නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටිය දී පිළිස්සී මළ දැරිය වන ඉෂාලිනි ජුඩ් ගේ සිරුර අධිකරණ නියෝග මත අද (30) දින ගොඩගෙන දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සදහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත යොමු කරන ලදී.

නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත් ලුෂාකා කුමාරි ජයරත්න

නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත් ලුෂාකා කුමාරි ජයරත්නගේ සහ ත්‍රිපුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්ගේ අධික්ෂණය යටතේ සිරුර ගොඩගැනිමේ කටයුතු අද දින උදැසන 9 ට හැටන් ඩයගම වත්තේ බටහිර කොටසේ පිහිටි පොදු සුසාන භුමියේ දී සිදු විය.

මව විසින් සිරුර හඳුනාගත් අවස්ථාව

සිරුර තැන්පත් කර මිනි පෙට්ටිය ගොඩ ගැනිමෙන් අනතුරුව පෙට්ටිය විවෘත කිරිමට ප්‍රථම දේහය හදුනාගැනිම සඳහා පෙට්ටිය විවෘත කිරිම සම්බන්ධයෙන් විරෝධතාවයක් තබේ දැයි මහෙස්ත්‍රාත්වරිය ඉෂාලිනිගේ ඥාතින්ගෙන් විමසා සිටියාය.

එහිදි ඥාතින් විසින් එයට විරුද්ධ නොවු නිසා මෘත දේහය තැන්පත් කර තිබු පෙට්ටිය විවෘත කෙරිනි. අනතුරුව මෘත දේහය ඥාතින් විසින් හදුනාගැනිමෙන් පසු ගොඩගත් සිරුර දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සදහා දැඩි පොලිස් ආරක්ෂාව මැද්දේ පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත රැගෙන ආවේය.


ගොඩගත් සිරුර සහිත පෙට්ටිය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිරෝධායන සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ සිරුර ගොඩගැනුනි. සිරුර ගොඩ ගන්නා ස්ථානයට මිය ගිය ඉෂාලිනිගේ දෙමව්පියෝ පැමිණ සිටිහ.

දේහය ගොඩ ගන්නා අවස්තාව දැක බලා ගැනිමට ඩයගම ප්‍රදේශයේ විශාල පිරිසක් පොදු සුසාන භුමිය අසලට ආහ. එහෙත් එම පිරිසට සිරුර ගොඩ ගන්නා ස්ථානයට පැමිණෙන්නට පොලිසිය ඉඩ දුන්නේ නැත.

Exit mobile version