දළදා පෙරහර පන්තේරු කණ්ඩායම් නර්තන ශිල්පියාගේ කොවිඩ් ආසාදිත දේහය මහයියාවේ දී ආදාහනයට …

Dalada

මහනුවර ජාතික රෝහලෙන් මතුගමට ගෙන යාම සඳහා ඉල්ලා තිබූ වයස අවුරුදු දහනවයක්වන තරුණයාගේ කොවිඩ් ආසාදිත මළ සිරුර මහනුවර මහයියාව ආදාහනාගාරයේදි ආදාහනය කිරිමට කටයුතු යොදා ඇතිබව මහනුවර ජාතික  රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර  පවසයි.

අදාල ඥාතින් අද දින රෝගීව සිටින බවත් එබැවින් මහනුවර ට පැමිණිමට නොහැකි බව දන්වා ඇති බවත් කී අධ්‍යක්ෂවරයා හෙට දින් ඔවුන් පැමිණි පසුව දේහය ආදාහනය කිරිමට කටයුතු කරන බව ද කීය.

මෙලෙස ආදාහනය කරනු ලබන්නේ, දළදා පෙරහරේ පත්තිනි දේවාලයේ පන්තේරු නර්තන කණ්ඩායමේ සිටි, පෙරහර පවත්වන කාලය තුළ දී අනතුරට ලක් වූ තරුණ නර්තන ශිල්පියාගේ දේහයය.


මෙම තරුණයා ඉකුත් දහහත් වැනි දින  රාත්‍රියේ පැරණි ධර්මරාජ ගොඩනැගිල්ලෙන් පහළට ඇද වැටී බරපතල තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේ ඉකුත් හතර වැනිදාය. කරන ලද කොවිඩ් පරීක්ෂණයකින් පසු ඔහු කොවිඩ් ආසාදිතයෙක් බව හඳුනාගෙන තිබිණි.

එදින සිට මේ දක්වා මළ සිරුර රෝහල් මෘත ශරිරාගාරයේ තබා තිබේ. නමුත් මෙම කොවිඩ් ආසාදිත මළ සිරුර ඊයේ ( 7 ) පෙරවරුවේ මහයියාව ආදාහනාගාරයේදි ආදාහනය කිරීම සඳහා කටයුතු සලසා තිබිණි.

එසේ වුවද ,මළ සිරුර මතුගම ට ගෙනගොස් එහිදී ආදාහනයක කිරීමට අවශ්‍ය බව කියමින් ඥාතින් රෝහලෙන් ඊට කටයුතු කර දෙන ලෙස ඉල්ලා තිබිණි.

කොවිඩ් නිරෝධායන නීති රීති අනුගමනය කරන ලෙස සාමාන්‍ය ජනතාවට නිතර දැනුම් දෙන සෞඛ්‍ය බළධාරින් සහ දේශපාලකයින් නිතර ජනතාව දැනුවත් කරන පසුබිමක ඊයේ ( 7)  මතුගමට දේහය ගෙන යාම සදහා  පුද්ගලික මල්ශාලාවකට භාරදීමට සෞඛ්‍ය අංශ අවසර දී  තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් එය නැවැත්වීමට සෞඛ්‍ය අංශවලටම සිදුවිය.

Exit mobile version