දශක දෙකකට පසු ළමා මෙහෙකරුවන්ගේ වැඩිවීමක් – එක්සත් ජාතීන්ගේ නවතම වර්තාවක් හෙළිකරයි

child labour

දශක දෙකකට පසු ගෝලීය ළමා මෙහොකාර සේවයේ වර්ධනයක් වර්තා වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (10) නිකුත් කළ නවතම වර්තාවක් මඟින් අනාවරණය කර තිබේ.

ඒ අනුව ලෝකයේ සෑම ළමුන් දස දෙනෙකුගෙන් එක් අයෙකු ළමා මෙහෙකාර සේවයේ යෙදෙන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙනවා.

2016 වර්ෂයේදී මිලියන 152ක් වූ ළමා මෙහෙකරුවන් සංඛ්‍යාව 2020 වර්ෂය අවසාන වන විට මිලියන 160 දක්වා ඉහළ ගොස් ඇති බවද යුනිසෙෆ් ආයතනය සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය එක්ව නිකුත් කළ මෙම වාර්තාවේ සඳහන්ය.


ළමා මෙහෙකරුවන්ගේ සංඛ්‍යාව ඉහළයාම කොරෝනා වසංගතයට පෙර සිටම ආරම්භ වී තිබුූ බවත් එය ගෝලීය වසංගතය හමුවේ දරුණු අතට පත්වීමට ඉඩ ඇති බවද මෙම වාර්තාවෙන් අනතුරු අඟවා තිබේ.

ඒ අනුව උප සහරා අප්‍රිකානු කලාපයේ දරුවන් වැඩි වශයෙන් ළමා මෙහෙකාර සේවයට යොමුවී තිබේ. එසේම ඉදිරියේදී තත්ත්වය තවත් දරුණු අතට හරවමින් දරුවන් මිලියන 50ක් මෙහෙකාර සේවයට එක්වීමට ඉඩ ඇති බවද අදාල වර්තාවෙන් පෙන්වා දී තිබේ.

“මේ වන විට අපි ඉතාම අසීරු අවස්ථාවකයි සිටින්නේ. කොරෝනා වසංගතයත් සමඟ තත්ත්වය තවත් දරුණු අතට හැරෙනවා.” යනුවෙන් යුනිසෙෆ් සංවිධානයේ ප්‍රධානි හෙන්රිටිටා ෆෝරේ ප්‍රකාශ කර ඇත.

“මේ වන විට ගෝලීය වසංගතය ඇතිවී දෙවන වසරෙත් සැලකිය යුතු කාලයක් ගතව තිබෙනවා. මේ කාලය පුරාවටම පාසල් අධ්‍යාපනය ඇණහිටී තිබෙනවා. ආර්ථික තත්ත්වයත් දිනෙන් දින කඩා වැටෙමින් පවතිනවා. ඒ නිසාම ගොඩක් පවුල් වලට අකමැත්තෙන් වුනත් දරුණු තීරණ වලට එළැඹීමට සිදුවෙනවා.” යනුවෙන්ද ඇය පෙන්වා දී තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් තවත් ළමුන් මිලියන 9ක් පමණ 2022 වර්ෂය අගවන විට මෙහෙකාර සේවයට යෙමුවීමේ අවදානමක් පවතින බවද අදාල වර්තාවෙන් පෙන්වා දී ඇත.
කෙසේ වෙතත් වසංගතය තවත් දරුනු ත්ත්වයට පත්වුවහොත් මෙම සංඛ්‍යාව බලාපොරෝතු වන අගයට වඩා පස්ගුණයකින් ඉහළ යාමටද ඉඩ පවතින බවද අදාල එහි වැඩිදුරටත් සඳහන්ය.

ළමා මෙහෙකාර සේවයට වැඩි වශයෙන් පිරිමි ළමුන් ගොදුරුවීමේ අවදානමක් පවතන බවත් මිලියන 160ක් වූ ළමා මෙහෙකරුවන්ගෙන මිලියන 97ක්ම පිරිම ළමුන් බවද අනාවරණය වී තිබේ.
එහෙත් ළමුන්ට නිවසේ පැවරෙන දෛනික රාජකාරී සමඟ සසදන විට මෙම පරතයට අඩකින් පමණ අඩු වන බවද එම වාර්තාවෙන්ම පෙන්වා දී ඇත.

එමෙන්ම අනතුරුදායක රැකියාවල නිතරවන වයස අවුරුදු 5ත් 17ත් අතර ළමුන්ගේ ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන බවත් එමගින් එම දරුවන්ගේ වර්ධනය සහ සෞඛ්‍යට විශාල බලපෑමක් ඇති කරන බවද අනාරණයවී තිබේ.
එහිදී අනතුරුදායක ක්ෂේත්‍ර වන පතල් කැනීම සහ අනතුරුදායක යන්ත්‍ර යෙදාගෙන සිදුකරන රැකියාවල මෙම දරුවන් වැඩිවශයෙන් නිතරවන බවටද වාර්තාවේ.

ඔවුන් සතියකට පැය 43කට අධික කාලයක් සේවයේ යෙදන බවටද අනාවරණය වී ඇති අතර ඒ හේතුවෙන් ඔවුන්ගේ පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බවද එම වර්තාව මගින් පෙන්වා දී තිබේ.
දැනට ගණන් බලා ඇති අකාරයට වයස අවුරුදු 5ත් 17ත් අතර දරුවන් මිලියන 79ක් මෙම අනතුරුදායක කර්මාන්තවල සේවයේ නිරතවේ. මෙම සංඛ්‍යව 2016 වසරට සාපේක්ෂව මිලියන 6.5ක වර්ධනයක් බවද එක්සත් ජාතිනීගේ සංවිධානය පෙන්වා දෙයි.

අදාල වර්තාවට අනුව ළමා මෙහෙකරුවන් සියයට 70ක් පමණ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියාවල නිරත බවයි. මෙම සංඛ්‍යාව මිලියන 112ක් බවද එම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

මේ අතර ළමා මෙහෙකරුවන් වැඩි වශයෙන් උප සහරා අප්‍රිකානු කලාපයෙන් වර්තාවේ. මෙය කළාපයේ ඉහළ යන ජනගහනය, පවතින සාමජීය සහ දේශපාලනික ගැටුම්, සහ අධික දරිද්‍රතාවය මීට හේතුවී තිබේ.

ඒ අනුව ගතවූ වසර 4ක් කාලයේදී පමණක් ළමුන් මිලියන 16.6ක් ළමා මෙහෙකාර සේවයට එක්ව ඇතැයි අනාවරණය වේ.

මෙම කලාපයේ වසට අවුරුදු 5ත් 17ත් අතර දරුවන්ගෙන් සියයට 25ක් පමණ ළමා මෙහෙකාරුවන් වශයෙන් කටයුතු කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ කොරෝනා වසංගතය තවත් සැලකිය යුතු කාලයක් පැවතියහොත් තත්ත්වය ඉතාම දරුණු අතට පත්විීම වැලැක්වීමට විශාල ප්‍රයත්නයක් දැරිය යුතු බවද එම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වාදෙයි.

Exit mobile version