දවස් 90න් හදපු ලංකාගම පාර ගැන ඇසූ විට උත්තර දෙන්න දවස් 90ටත් වඩා ගන්නවා

Harsha-De-Silva

දින අනූවකින් සදා නිම කරන බව කී ලංකාගම පාර ගැන ප්‍රශ්නයක් ඇසූ විට ඊට දින 90කින්වත් පිළිතුරු දිය නොහැක්කේ මන් දැයි කොළඹ දිස්ත්‍රsක් (සජබ) මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා අද (25) පාර්ලිමේන්තුවේ දී විමසුවේය.

සිංහරාජය හරහා ලංකාගමට ඉදිකරන මාර්ගය පිළිබඳ තමන් ප්‍රශ්න ඇසුවේ පසුගිය අගෝස්තු මාසයේ දී බව කී මන්ත්‍රීවරයා  ඒ  ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට  ආණ්ඩුව මෙතෙක් කල් ගත කරන්නේ  මන්දැයි  විමසා සිටියේය.

අදාළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමට පරිසර ඇමැතිවරයා විසින් සති තුනක කාලයක් ඉල්ලා සිටි අවස්ථාවේදී හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා මේ බව කීවේය.


පා.ම. හර්ෂ ද සිල්වා – “ මම මේ ප්‍රශ්නය ඇහුවේ අගෝස්තු මාසේ. මාස තුනක් ගිහින්. ඇයි උත්තර දෙන්න බයද.. දවස් 90 න් පාර හදන්න පු`ථවන් නම් ඇයි දවස් 90 න් උත්තර දෙන්න බැරි..“

පරිසර ඇමති මහින්ද අමරවීර – “ සවිස්තර උත්තරයක් සකස් කරනවා. ජනතාවගේ අවශ්‍යතාව මතයි මේ පාර ඉදිවෙන්නේ. මේ අය මේ පාර හදන එක් නතර කරන්න උත්සාහ කළත් සිංහරාජයට හානි නොවන ලෙස අපි පාර ඉදිකරනවා..“

පා.ම හර්ෂ ද සිල්වා –“ අන්න බළලා මල්ලෙන් පැන්නා..දැන් ප්‍රශ්නෙට උත්තරේ දුන්නා. පාර හදනවා කිව්වා. පාර හදලා ඉවර වෙලා තමයි උත්තරේ දෙන්න හදන්නේ.“. හරිෂ ද සිල්වා මන්ත්‍රීවරයා කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු –  “ අලුත් පාරක් කපලා නෑ.. තිබුණු කොන්ක්‍රීට් පාර තමයි හදන්නේ. එක ගහක් කපලා නෑ. මේ ප්‍රශ්නෙ අහන්න ඕනේ හරිනම්  ඒ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක්. මෙතුමා කොළඹ. ජීවිතේට ලංකා ගමට ගිහින් නෑ. හර්ෂ මන්ත්‍රීතුමා එන්න අපි ලංකාගමට ගිහින් බලමු. ..“

 

Exit mobile version