දරුවන් 50ට අඩු දකුණේ පාසල් 114ක් ගැන අවසන් තීන්දුව සතියක් තුළ

ලලිත් චාමින්ද –

දකුණු පළාතේ ඇති සිසු දරු දැරියන් 50ට අඩු පාසල් සම්බන්දයෙන් පුළුල් සාකච්ඡාවක් කොට මාසයක් ඇතුලත මේ පිළිබද අවසන් තින්දුවක් ගන්නා බැවි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.

මෙම පාසල් සම්බන්දයෙන් පැති කිහිපයකින් බලා විශේෂයෙන්. විද්වතුන්ගේ මත, මහජනතාවගේ අදහස්, දේශපාලන අධිකාරියේ අදහස්, අධ්‍යාපනික මත   සලකාබලා  පුළුල් ලෙස සාකච්ඡා කොට  මේ ගැන අවසන් තින්දුවක් ගන්නා බව ද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසයි.

මේ පිළිබද අදහස් දක්වමින් පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා මෙසේද   කිවේය.


මෙම පාසල්වල ඇතැම් පංතිවල දරුවන් එක්කෙනයි දෙන්නායි  ඉගෙනුම ලබන්නේ. ඇත්තටම මෙය ඉතා සංවේදි කාරණයක්.  මේ පාසල්වල ඉගෙනුම ලබන දරුවන්ට කණ්ඩායම් ක්‍රියාකාරකම්  සම වයස් කණ්ඩායම යෙදෙන්න අවස්ථාවක් නැහැ. එක අතකින් ඒ දරුවන්ට ද අසාධාරණයක් වෙලා තියෙනවා. තවම මේ සම්බන්යෙන් ස්ථිර තින්දුවක් අරගෙන නැහැ. පාසල් එකාබද්ධ කිරිම වෙන්න පුළුවන්, නැතිනම් සෞභාග්‍යා පාසලක් විදියට සංවර්ධනය කරන්න පුළුවන්. වෙනත් මහා විද්‍යාලයක් සමග එකාබද්ධ කරන්න පුළුවන්. මෙවැනි යෝජනා කිහිපයක් තියෙනවා.

මෙවැනි පාසල් වහනවා කියලා තින්දුවක්  අරගෙන නැහැ. මේ සම්බන්දයෙන් සාකච්ඡා මට්ටමේ තමයි තියෙන්නේ. මාසයක් වගේ කාලයක් ඇතුළත මේ සම්බන්දව අවසන් තින්දුවක් ගන්නවා. බෝහෝ විට එකාබද්ධ කිරීම තමයි කරන්න වෙන්නේ.  උදාහරණයක් වශයෙන් ගතහොත් 01 11 අතර පාසලක් තියෙනවා දරුවන් 28 දෙනෙකු ඉන්න. දරුවන් 400ක ඉගෙනුම ලබන පාසලට ලබාදිය යුතු ගුරුවරු ඇතුළු සම්පත් ඒ පාසලටත් ලබාදිය යුතුයි. එක  දරුවෙක් පමණක් ඉගෙනුම ලබන පළමු වසරේ පංති තියෙනවා. ඒ දරුවාට කිසිදු කණ්ඩායම් ක්‍රියාකාරකමක් නැහැ. මෙය ලොකු ප්‍රශ්නයක් විදියට අපි හඳුනාගෙන තියෙනවා“ යැයිද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සදහන් කළේය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පාසල් සම්බන්දයෙන් ගතයුතු තින්දු තිරණ පිළිබද යෝජනා ඉදිරිපත් කරණ ලෙස දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ  විසින්  දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත දැනුම් දි ඇත. දකුණු පළාතේ සිසු දරු දැරියන් 50ට අඩු පාසල් 114ක් තිබෙන බවට හඳුනාගෙන ඇත.

 

Exit mobile version