ජනප්‍රිය යූ ටියුබ් නාලිකාවක් වන SL දේශය හි මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ (55) දිවි සැරියෙන් සමුගත් බව සංවේගයෙන් යුතුව දැනුම් දී සිටිමු.
අසනීපයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ජනවාරි 10 වන සෙනසුරාදා උදෑසන කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ.
සමාජ සාධාරණය වෙනුවෙන් සමාජ මාධ්‍ය මෙහෙයවීමේ පුරෝගාමී ලකුණක් ලෙස හඳුනාගෙන සිටි දර්ශන ඒ වෙනුවෙන්ම අවස්ථා ගණනාවක දී රාජ්‍ය මර්ධනයට මුහුණ දුන් මාධ්‍යවේදියෙකි.
ඔහුගේ පුළුල් දැක්මක් සහිත දේශපාලන සංවාද සහ සමාජ ගැටලු සම්බන්ධවව සිදුකළ ඍජු විවේචන සමාජ මධ්‍ය ඇසුරු කරන බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වූයේය.
අවමංගල්‍ය කටයුතු පිළිබඳ විස්තර පසුව නිවේදනය කෙරේ.







