දයාසිරිට කොවිඩ් හැදුනේ සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් සිදුකළ පාක්ෂික හමුවේ දී දැයි සැක..

හෙට්ටිපොල ගෙදරට ජනවාරි 01 දා 600 ගෙන්වාගෙන කැවුම් කිරිබත් කලා...

ලලිත් චාමින්ද –

බතික් කර්මාන්ත රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකරට කොවිඩ් ආසාදනය වී ඇත්තේ පසුගිය 01 දා හෙට්ට්පොල නිවසේ දී හයසියයකට අධික පාක්ෂිකයන් පිරිසක් රැස් කර සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් පැවැත් වූ පාක්ෂික හමුවකින් පසුව බව සෞඛ්‍ය අංශ විශ්වාස කරයි.

කැවුම් කිරිබත් සහිත තේ මේස සකස් කර ජනවාරි පළමුවෙනිදා පැවැත්වූ මෙම උත්සවයට සහභාගී වූ පුද්ගලයින් 03ක් කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වීමෙන් අනතුරුව සෙම් රෝග ලක්ෂණ ප්‍රකට කරමින් සිටි ඇමතිවරයා පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් වී ඇත.

එහි ප්‍රතිඵල පැමිණි ඊයේ ( 07) රාත්‍රියේ ඔහු කොවිඩ් ආසාදනය වී ඇති බව හෙළි වී තිබේ.


මේ වනවිට දයාසිරි ජයසේකර ඇමතිවරයා හික්කඩුව අන්තර් හුවමාරු වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ගනිමින් සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම මධ්‍යස්ථානයේ ඇමතිවරයා ඇතුළු විවිධ උසස් නිලතල දරන පුද්ගලයින් 09 දෙනෙක් ප්‍රතිකාර ගනිිමින් ඇත.

 

 

 

 

Exit mobile version