දකුණේ රජයේ ඉඩම්වල අනවසර පදිංචිකරුවන් 17000කට ඉඩම් අයිතිය…

ලලිත් චාමින්ද –

දකුණු පළාතේ රජයේ ඉඩම්වල දිගු කාලයක සිට අනවසරයෙන් පදිංචිව සිටින පදිංචිකරුවන් 17000ක් සඳහා බලපත්‍ර හා දිමනා පත්‍ර මෙම වර්ෂය තුළ (2021)  ලබාදිමට සැලසුම් කොට ඇති බැව්  දකුණු පළාත් ඉඩම්කොමසාරිස් ටි.ජි.  සරත් කුමාර මහතා පවසයි.

මෙකි පුද්ගලයින්  වසර ගණනාවක සිට මෙම ඉඩම් භුක්තිවිදිමින් පදිංචිව සිටින බව සඳහන් කළ දකුණු පළාත් ඉඩම් කොමසාරිස්වරයා  බලපත්‍ර 12000ක් හා දිමනාපත්‍ර 5000ක් ලබාදිමට සැලසුම්කොට ඇති බවද  පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කය තුළ අනවසර පදිංචිකරුවන් 6000ක් සඳහා බලපත්‍ර  ලබාදිමටත්   දිමනා පත්‍ර 1500ක් ලබාදිමටත් සැලසුම්කොට ඇති බවද හෙතෙම  පවසයි. මාතර  දිස්ත්‍රික්කයේ බලපත්‍ර 3000ක් හා දිමනා පත්‍ර 1750ක් ලබාදිමට ඇති බව පවසන දකුණු පළාත් ඉඩම් කොමසාරිස්වරයා හම්බන්තොට දිස්ත්‍රික්කයේ   බලපත්‍ර 3000ක් හා දිමනා පත්‍ර 1750ක් ලබාදිමට නියමිතව ඇති බවද කියයි. 


අනවසර පදිංචිකරුවන් සඳහා පළමුව  බලපත්‍ර ලබාදෙන බවත්  ඉන් පසු ඉඩම් මැනිමට ලක්කොට දිමනා පත්‍ර ලබා දෙන බවත් දකුණු පළාත් ඉඩම් කොමසාරිස්වරයා පවසයි. අනවසර පදිංචිකරුවන් සඳහා  බලපත්‍ර හා  දිමනා පත්‍ර 1.50000ක්  ලබාදිමේ   රජයේ වැඩසටහන යටතේ දකුණු පළාතෙන් 17000ක සඳහා දිමනා හා බලපත්‍ර ලබාදෙන බවද ඔහු පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම වර්ෂයේ මාර්තු මාසය වනවිට  දකුණු පළාතේ 1200කට ආසන්න පිරිසකට ඉඩම් සදහා  දිමනා හා බලපත්‍ර  ලබාදි ඇති බවද දකුණු පළාත් ඉඩම් කොමසාරිස්වරයා වැඩිදුරටත් සදහන් කරයි.

 

 

Exit mobile version