දකුණු කොරියාවේ Muan ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගොඩබෑමට ගිය මගීන් 181කගෙන් යුත් ගුවන් යානයක් අනතුරට ලක් වී මේ වනවිට පුද්ගලයන් 62 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරයි.
ජෙජු එයාර් ගුවන් සේවයට අයත් මෙම ගුවන් යානය තායිලන්තයේ බැංකොක් සිට දකුණු කොරියාවේ Muan ජාත්‍යාන්තර ගුවන් තොටුපලේ ධාවන ධාවන පථයට ගොඩබෑමට සූදානම් වෙද්දී ධාවන පථයෙක් පිටතට පැන ගුවන්තොටුපලේ තාප්පයක ගැටී ගිනිගෙන විනාශ වී ඇත.
එහි පුද්ගලයින් 181 දෙනෙකු සිට ඇති අතර නිල වශයෙන් මේ වනවිට ගලවාගෙන ඇති බවට පැවසෙන්නේ දෙදෙනෙක් පමණි. මරණ ප්‍රමාණය දැනට වාර්තා වී ඇති ප්‍රමාණයට වඩා බෙහෙවින්ම වැඩි වනු ඇතැයි විදෙස් මාධ්‍ය සැක පහළ කරයි.
අනතුරට හේතුව නොදන්නා නමුත් ගුවන් යානයේ පද්ධතීන්ට කුරුල්ලන් හසුවීම නිසා එය සිදුවන්නට ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.







