තෝරාගත් සෞඛ්‍ය මාර්ගෝපදේශන නීතී වෙයි… ගැසට් නිවේදනය ලබන සඳුදා….

දෙරණ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ඇතැම් මාර්ගෝපදේශ නීතියක් බවට පත් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය ලබන සඳුදා දිනයේ නිකුත් කිරීමට නියමිතය.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඒ බව සඳහන් කළාය.
ඒ අද (14) පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදීය.
මේ අතර කොවිඩ් -19 ආසාදිතයින් 3,152 දෙනෙකු ගතවූ පැය 24 තුළ හඳුනාගෙන තිබුණි.

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාව අනුව මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 348,270 දක්වාඉහළ ගොස් තිබේ.

ඒ අතරින් ප්‍රතිකාර හා නිරෝධායන කාලසීමාව අවසන් කළ ගණන 304,628කි.
ආසාදිතයින් 37,000කට අධික පිරිසක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවේ.
කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ දැනට මෙරට භාවිතයට ගන්නා ඇස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම්, ෆයිසර් හා මොඩර්නා යන එන්නත්වල පළමු හා දෙවන මාත්‍රා ඊයේ පුද්ගලයින් 373,661 දෙනෙකුට ලබා දී තිබේ.

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවට අනුව මෙරට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පුද්ගලයින් ගණන 01 කෝටි 17 ලක්ෂ 62,653කි.
මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 43 ලක්ෂ 2,572ක් දක්වා ඉහළගොස් ඇත.

Exit mobile version