තෙවන මාත්‍රාවක් සඳහා ෆයිසර් සහ සයිනොෆාම් මාත්‍රා මිලියන 23ක් ඇණවුම් කෙරේ….

Faizer-Syinopham

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් මර්දන තෙවන මාත්‍රාව සදහා ෆයිසර් සහ සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලයන 23 ඇනවුම් කිරිමට සැලසුම් කර ඇතැයි ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍යංශ සදහන් කරයි.

මේ අනුව ෆයිසර් එන්නතින් මාත්‍රා මිලියන 14 සහ සයිනොෆාම් එන්නතේ මාත්‍රා මිලියන 9ක් මෙසේ ඇනවුම් කිරිමට සැලසුම් කර ඇත.

කොවිඩ් එන්නතේ පළමු සහ දෙවන මාත්‍රාවන් සම්බන්ධයෙන් මේ වන විට ලොව පුරා සිදුකරන පර්යේෂණ දත්ත වාර්තා අධ්‍යනය කිරීමෙන් අනතුරුව මෙසේ තෙවන මාත්‍රාව සදහා මෙම එන්නත් තෝරා ගැනීමට කටයුතු කරන බවද සදහන් වේ.

සිරුර තුළ ප්‍රතිශක්තිය පහත වැටෙන්නේ නම් පමණක් තෙවන මාත්‍රාවක් ලබා දීමට කටයුතු කළ හැකි නමුත් ප්‍රතිශක්තිය ඉහළ මට්ටමක පවතින පුද්ගලයින්ට තෙවන මාත්‍රාවක් ලබා දීමේ අවශ්‍යතාවක් පැන නොනගින බවද රාජ්‍ය අමාත්‍යංශය ආරංචි මාර්ග සදහන් කරයි

Exit mobile version