ලලිත් චාමින්ද –
ශ්‍රිලංකන් ගුවන්සමාගම විසින් ඛණිජතෙල් නීතිගත සංස්ථාවට රුපියල් බිලියන 89ක මුදලක් ගෙවිමට ඇති බැව් මුදල් ආර්ථික ස්ථායිකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.
මෙය ලංකා ඛණිජතෙල් නිතිගත සංස්ථාවේ මුල්‍ය තත්වය කෙරෙහි දැඩිබලපැමක් එල්ලකොට ඇත. මේ වනවිට තෙල් සංස්ථාව විසින් ශ්‍රිලංකන් ගුවන් සේවයේ ගුවන් යානාවලට අවශ්‍ය ඉන්ධන නොදීම නිසා අවශ්‍ය ඉන්ධන ඉන්දියාවෙන් ලබාගැනිමට ගුවන් සමාගමට සිදුවි ඇත.
මෙම වර්ෂයේ මාර්තුමස 31වැනි දින වන විට ඛණිජතෙල් නිතිගත සංස්ථාවට ගෙවිය යුතු මෙකී මුදල ද ඇතුළුව වෙළඳ ණය හිමියන් වෙත ගෙවිය යුතු සමස්ත මුදල රුපියල් බිලියන 183ක් බවද එම වාර්තාවේ සදහන් වේ.
ශ්‍රිලංකන් ගුවන්සමාගම 2021/2022 මුල්‍ය වර්ෂය තුළ රුපියල් බිලියන 171ක පාඩුවක් ලබා ඇත. පසුගිය කාලය තුළ ගුවන්සමාගම විසින් මෙකි අලාභය පියවා ගැනීම සඳහා බැංකු ණය ලබා ගැනීම හා සැපයුම්කරුවන්ට කළ ගෙවිම් කල්දැමිම වැනි උපක්‍රම භාවිතා කරනු ලැබිය.