තෙල් මිල අද රෑ හෝ හෙට වැඩිවෙන්නේ නෑ

තෙල් මිල වැඩිකිරීම සඳහා අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලැබුණත් අද, හෙට තෙල් මිලෙහි වැඩිවීමක් සිදුනොවන බවත් ඒ නිසා අනවශ්‍ය ලෙස වාහනවලට ඉන්ධන පුරවාගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අවධාරණය කරයි.

තෙල් මිල ඉහළ දැමීය යුතු බවට මේ වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කැබ්නට් මණ්ඩලයට යෝජනා කර ඇත.

මිල වැඩිකිරීමක් ලබාදෙනවාද සහනයක් ලබාදෙනවාද යන්න කැබිනට් මණ්ඩලය තීරණය කළ යුතුවේ.


තෙල් මිලට යම් සහනාධාර ක්‍රමයක් ලබානොදෙන්නේ නම් ඉදිරියේදී අනිවාර්යයෙන්ම තෙල් මිල වැඩි කිරීමට සිදුවන බව ගම්මන්පිළ අමාත්‍යවරයා පැවැසීය

ඊට හේතුව ලෝක වෙළෙඳපොලේ දැනට පවතින ඉන්ධන මිල සැළකීමේදී අනිවාර්යයෙන් මිල වැඩිවීමක් විය යුතු වීමයි.

මෑත ඉතිහාසයේ වැඩිම තෙල් මිල මේ දිනවල වාර්තා වී තිබේ. මේ වනවිට බොරතෙල් බැරලයක මිල ඩොලර් 88ක 83ක අග‍යක පවතී.

ඉදිරියේදී මෙය ඩොලර් 100ක් දක්වා ඉහළ යනු ඇති බවට පුරෝකථනය වී ඇත.

එවැනි තත්ත්වයක් තුළ තෙල් මිල වැඩි නොකළහොත් ඛනිජ තෙල් සංස්ථාවට විශාල පාඩුවක් සිදුවිය හැකි අතර මේ මාසයට පමණක් රුපියල් කෝටි 1000ක අලාභයක් සිදුවනු ඇති බව ඔහු කීය.

තෙල් මිල පාලනය සඳහා යළි තෙල් මිල ස්ථායීකරණ අරමුදල සම්බන්ධ යෝජනාව මේ වනවිටත් අගමැති ප්‍රධානත්වයෙයන් යුත් කැබිනට් අනු කමිටුවක අගැයීමට ලක්වෙමින් පවතී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද කැබිනට් හමුවේදී බොහෝවිට අගමැතිවරයා ඒ පිළිබඳ යෝජනා ඉදිරිපත් කරනු ඇති බව ද බලශක්ති අමාත්‍යවරයා විශ්වාසය පළක‍ළේය.

Exit mobile version