“තෙල් නොබෙදයි නම් ලංකා අයිඕසීය රජයට පවරාගන්න – ඇමති බබා වෙලා බෑ”

ලංකා අයිඕසී යම් හෙයකින් ඉන්ධන බෙදාහැරීම අඩාල කිරීමට කටයුතු කරන්නේ නම් වගකිවයුතු අමාත්‍යවරයෙක් ලෙස තමා එම සමාගමට එරෙහිව කටයුතු කිරීම හෝ එම සමාගමේ මෙහෙයුම් ආපසු පවරා ගැනීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ක්‍රියා කළ යුතු බව ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ආනන්ද පාලිත මහතා ලංකාසරට පැවසීය.

කිරිපිටි ගෑස් වැනි හින්දා රටේ සමස්ත ක්‍රියාවලියට අතිශයින් වැදගත් පාරිභෝගික භාණ්ඩයක් බැවින් කිසිසේත් ඇමතිවරයාට ළදරුවකු සේ හැසිරිය නොහැකි බවත් වගකිවයුතු අමාත්‍යවරයෙකු ලෙස මීට මැදිහත් යුතු බවත් ආනන්ද පාලිත මහතා අවධාරණය කළේය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වත්මන් ආණ්ඩුව රට භාරගත් පසුගිය මාස 17 කාලයක් තුළ දළ වශයෙන් බොරතෙල් බැරලයක ඩොලර් 23ක අඩුවීමක් දිගටම වාර්තා වූ නමුත් එම අඩුවීමේ වාසය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හෝ ලංකා අයිඕසී විසින් ජනතාවට ලබා දුන්නේ නැති බව ද ඔහු කියා සිටී.


එබැවින් මාස 17ක් තිස්සේ අඩු නොකළ තෙල් මිල මාස 3කින් වැඩි කිරීමට අයිතියක් නොමැති බව ද හෙතෙම පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවමත් රට තුළ ඇත්තේ පැරණි මිලට ගෙන්වා ඇති තෙල් බවත් ලෝක වෙළෙඳපොළේ අලුත් මිල ගණන්වල තෙල් තවමත් ලංකාවට ගෙන්වා නැතැයි ද හෙතෙම කීය.

Exit mobile version