තෙල් ගන්න දෙන ඉන්දීය ණය ගිවිසුමට අත්සන් තබයි

මෙරටට ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් ලබාදෙන ඩොලර් මිලියන 500 ක ණය ගිවිසුමට අද අත්සන් තබා තිබේ.

ඉන්දියා එක්සිම් බැංකුව විසින් ශ්‍රී ලංකා භාණ්ඩාගාරය සමඟ මෙම ගිවිසුම අත්සන් තැබිණ.

මුදල් අමාත්‍ය රාජපක්ෂ සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා ඉදිරියේ අදාළ ගිවිසුම් අත්සන් කරන ලදී.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳ සටහනක් තබමින් ඉන්දීය මහ මහ කොමසාරිස් කාර්යාලයේ පවසා තිබුණේ ‘අවශ්‍යතාවයේදී සිටින මිතුරා සැබවින්ම මිතුරෙකි’ යන පැරැණි කියමන ද සිහිපත් කරමින්ය.

Exit mobile version