සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තුනුරුවන් සරණයි අම්මේ… ඉක්මනින් සුව වෙන්න…

by editor
දෙසැම්බර් 21, 2024 - Updated on දෙසැම්බර් 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අම්මා මේ වනවිට රෝගීවය. අම්මා අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නීය.

ඒ අම්මා අපූරුය. රෝහලට ඇතුළත් වෙන්නට ගිය අවස්ථාවේ තමන් රටේ 09 වැනි විධායක ජානාධිපති තුමාගේ අම්මා බව රෝහල් බලධාරීන්ට කියන්නට ඒ අම්මා කට ඉස්සර කගෙත්තේ නැත. ක්ලින්ක් එකට ආවිට බෙහෙත් දෙන්නේත්, සම්මත ක්‍රියාපටිපාටියට අනුව රෝහලට ඇතුළත් කරගන්නේත් ජනාධිපති තුමාගේ අම්මා බව ඔවුන් දන්නේත් පසුවය.

අම්මාව බලන්න ජනාධිපති අනුර කුමාර දිසානායක අනුරාධපුර ශික්ෂණ රෝහලට ඊයේ (20) ගියේය. ඔහු එනතුරු කිසිවෙක් ඔහු එන බව දන්නේ නැත. ඒ සම්බන්ධව කිසිම දැනුම්වත් කිරීමක් කළේත් නැත.  තමන්ගේ අම්මා ආණ්ඩුවේ ඉස්පිරිතාලයක ප්‍රතිකාර ගන්නට සලස්වා ඇයව දකින්නට අප්‍රසිද්ධියේ එන් ජනාධිපති පුතෙක්… එය අපට කවදාවත් හිතා ගන්නට බැරි අත් දැකීමකි.

මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් මුණ ගැසෙන්නට නුවරට ගොස් එන ගමන් ජනාධිපතිවරයා අම්මා බලන්නට අනුරාධපුරයට ශික්ෂණ රෝහලට   ගොස් තිබිණි. අම්මා කෙනෙක් බලන්න එන සාමාන්‍ය  පුතෙක් ලෙස පැමිණි ඔහුගේ ගමනේ පුංචි වෙනසක් තිබුණා නම් ඒ ඔහු අම්මා බලන්න එන විට රෝගීන් බලන වෙලාව පහු වී තිබීමය.අනුර සහ අම්මා

මේ අම්මාගේ සහ පුතාගේ හමුව අහම්බෙන් රෝහල් සේවකයෙකුගේ දුරකථනයේ සටහන් වී තිබුණේය. මේ ඒ ඡායාරූපය ය. තමන්ගේ රටේ වෛද්‍ය වරුන්, තමන්ගේ රටේ සුව සේවකයින්, තමන්ගේ රටේ සෞඛ්‍ය පද්ධතිය ගැන රටේ ජනාධිපතිවරයාට ඇති විශ්වාසය සහ තහවුරුව අපට ලබා දෙන්නේ ගැඹුරු පණිවිඩයකි.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ඉන්දීය මුදල් ඇමති නිර්මලා සීතාරාමන් විශේෂ රාජකාරි ගමනකට ගොස් එන අතර තමන්ගේ තාත්තා දකින්නට ඇයගේ මහ ගෙදරට ගිය මොහොත සම්බන්ධ වීඩියෝවක් පසුගිය වකවානුවේ සමාජ මාධ්‍යවල වයිරල් වුනේය. අඳුරු තෙත් සහිත පෙනුමක් ඇති පැරණි ඉන්දිය නිවසේ සිටි වියපත් මිනිසා සහ ඥාති සමූහය සහ ඔවුන්ගේ අව්‍යාජ ස්වරූපය දකින මොහොතේ අප ප්‍රාර්ථනා කළේ අව්‍යාජ මිනිසුන් සහිත පොහොසත් දේශපාලනයකි. මෝදි සිය අම්මාගේ නිවසේ ගත කරන සුළු මොහොත දකින අවස්ථාවේ අප කල්පනා කළේ පිරුණු මිනිසුන් සහිත දේශපාලනයක් අපට නොලැබෙනු ඇති බවය.

ඊට නොබෝ කලකට පසු මේ රට නිවැරදිම මිනිසෙක් තෝරාගෙන ඇති බව සිතේ.  මේ ඡායාරූපය කියන්නේ එයය. මේ මුහුණු දෙස බලන්න. අහිංසක ගැමියෙන්ගේ නිර්ව්‍යාජ හැඟීම් එහි ගැබ්වී ඇති බව ඔබට දැනෙනු ඇත. මේ මිනිසාගේ වටේ සිටින උද්ච්ඡ හිපාටුවන් පිස්සු නොකෙළියහොත් ඔහු මේ රට ගොඩ දමනු ඇත.

රත්තරන් අම්මේ….  තුනුරුවන් සරණයි. ඉක්මනින්  සුව වෙන්න.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රුසියාව සියවසේ මානුෂික විප්ලවය කරන්න සූදානම්… සොයා ගත් පිළිකා එන්නත රෝගීන්ට නොමිලේ ලබා දීම ලබන වසරේ සිට…

Next Post

හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියෙන් ආචාර්ය අභිධානය සඳහන් කළේ සභානායක කාර්යාලයෙන් එවූ ලේඛණ අනුවයි… පාර්ලිමේන්තු නිලධාරීහු සීඅයිඩියට කියති!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.